About: http://data.cimple.eu/claim-review/c08dd62f117c014fb02849d2a76f5b1b01f2c38e4ceda81ec4d6a96a     Goto   Sponge   Distinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • කවුරුන් බලයට පැමිණියත්, ඔවුන්ට ආණ්ඩුකිරීමට ඉඩ නොදෙන බවට තරිදු උඩුවරගෙදරගෙන් ප්රකාශයක්? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකාවන් වලදී සිදු කරන දේශපාලන කතා නොමග යන සුළු අන්දමින් සංස්කරණය කරමින් සිදු කරන පළ කිරීම් සීඝ්රයෙන් වැඩි වී තිබෙනවා. සමාජ මාධ්ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු අන්දමින් පළ කර දේශපාලන කතාවක නිරවද්යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්ය සටහන් : මාධ්යවේදී තරිදු උඩුවරගෙදරගේ දේශපාලන කතාවක කොටසක් සමාජ මාධ්ය ඔස්සේ පළ වූයේ කුමන පක්ෂයක් ආණ්ඩු බලය ලබා ගත්තත් රට පාලනය කිරීමට ඉඩ නොදෙන බවට ඔහු විසින් පැවසූ බවට හඟවමින්. මෙම වීඩියෝවේ තරිදු උඩුවරගෙදර විසින් සිදු කරන ප්රකාශයන් බවට දක්වා තිබුණේ, “මුන්ව ඉවර කරන්න ඕනා. මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නෑ. අපි මේක අතට ගන්නවා. මම කියනවා මෙතන ඉදිරි අවුරුදු 10 ඇතුළේ අපි බලය ගන්නවා. අපි මේකෙන් ඉවර කරනවා. වසන්ත දේශපාලනයේ ඉන්නවා බෝපේ දේශපාලනයේ ඉන්නවා. ශස්තිකා දේශපාලනයේ ඉන්නවා ලහිරුදේශපාලයේ ඉන්නවා අපි දේශපාලනයේ ඉන්නවා .ඉදිරි 10 ඇතුලේ අපි ගිනි තියනවා. ගෑස් චැම්බර් අපි ගිනි තියනවා. තොපිව ඉවර කරනවා.” යනුවෙනි. මේ සම්බන්ධයෙන් පළ වූ වෙබ් වාර්තාවක් මෙතනින්. මෙම සටහන් සඳහා දක්වා තිබූ ඇතැම් ප්රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය ජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් විසින් සිදු කළ ප්රකාශයක් ලෙසය බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි. මෙහි නිවැරදි කරුණු සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්. Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) : මෙම වීඩියෝවේ සිටින්නේ ජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් බවටද ඇතැම් පිරිස් දැක්වීමට උත්සහ දැරුවත් මෙහි සිටින්නේ ජන අරගල සන්ධානයේ සාමාජිකයෙකු වන මාධ්යවේදී තරිඳු උඩුවරගෙදරයි. එහිදී ජන අරගල සන්ධානයේ, ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාට සහය පළ කරමින් මිනුවන්ගොඩ පැවති දේශපාලන වේදිකාවකදී තරිඳු උඩුවරගෙදර විසින් සිදු කළ මෙම සම්පූර්ණ ප්රකාශය වෙත අප අවධානය යොමු කිරීමට පියවර ගනු ලැබුවා. මෙහිදී දැක ගන්නට ලැබුණේ, ඉහත සඳහන් වීඩියෝව සංස්කරණය කරමින් සිදු කර ඇති වීඩියෝවක් බවයි. "කවුරුන් බලයට පැමිණියත්, ඔවුන්ට ආණ්ඩුකිරීමට ඉඩ නොදෙන බව" ට ඔහු විසින් ප්රකාශ කළ බවට ඉහත වීඩියෝවෙන් හැඟවීමට උත්සහ කර තිබුණා. නමුත් මෙම සම්පූර්ණ වීඩියෝව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ, තරිඳු විසින් එලෙසින් කිසිවෙකුට ආණ්ඩුවක් කිරීමට ඉඩනොදෙන බවක් සඳහන් කර නොමැති බවයි. ඉහත සමාජ මාධ්ය ජාලා වීඩියෝව “මුන්ව ඉවර කරන්න ඕනා. මොකා බලයට ආවත්" යනුවෙන් උඩුවරගෙදර සඳහන් කරන ප්රකාශයක් පෙන්වන නමුත් සත්ය වීඩියෝවේදී ඔහු විසින් "අපි කියන්නේ මේ මොකා බලයට ආවත්" යනුවෙන් පවසමින් ලංකා වාණිජ මණ්ඩල (Ceylon Chamber of Commerce) සම්බන්ධයෙන් ඔහු දරන මතය ප්රකාශ කරනු ලබනවා. නමුත් සමාජ මාධ්ය ඔස්සේ පළ වන වීඩියෝවේ මෙම කොටස ඉවත් කර සංස්කරණය කර තිබුණා. සංස්කරණය නොකරපු වීඩියෝව පහතින්. මෙහිදී ඔහු විචේනය කරන්නේ, ලංකා වාණිජ මණ්ඩල (Ceylon Chamber of Commerce)යයි. තරිඳු ඔහුගේ කතාවේදී, Gas Chamber යනුවෙන් හඳුන්වන්නේ ඔවුන්වයි. ඒ බව තරිඳු මේ සිදුවීම පිළිබඳව පැහැදිලි කරමින් සිදුකළ වීඩියෝවේ දී ද දැක්වෙනවා. ජනාධිපතිරණයේ ප්රධාන අපේක්ෂකයින් හතර දෙනා වන රනිල් වික්රමසිංහ, සජිත් ප්රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් පසුගිය අගෝස්තු මස 29 වැනිදා විවාදයක් පැවැත් වූ අතර ලංකා වාණිජ මණ්ඩලයේ අපේක්ෂාවන්, මෙම ජනාධිපති අපේක්ෂකයින් විසින් මුදුන්පත් කර ගන්නා බවත්, මොවුන් සියල්ලම එක හා සමාන බවත්, මෙම ක්රමය වෙනස් කිරීමට ජන අරගල සන්ධානය සිටින බවත්, යන්න තරිඳු මෙහිදී ආවේගශීලිව පවසා සිටිනවා. ඔහු විසින් සිදු කළ සම්පූර්ණ කතාව ඇතුළත් වීඩියෝව මෙතනින්. සංස්කරණය කරන ලද වීඩියෝව සහ සත්ය වීඩියෝන අතර සංසන්දය පහතින් මේ ගැන නැවත වරක් සිදුකළ කෙටි වීඩියෝවක් හරහා තරිඳු පවසන්නේ විවිධ පාර්ශව වැරදි අර්ථකතනයක් ලබාදෙමින්, ව්යාජ ලෙස සංස්කරණ කරන වීඩියෝවක් බෙදාගන්නා බවත්, මෙහිදී තමා පවසන ගිනි තැබීම මෙන්ම ගෑස් චෙම්බර් සියල්ල සංකේතාත්මක බවත්, මේ ක්රමය වෙනස් කිරීම ගැන පවසන බවයි ව්යාජ ලෙස සංස්කරණ කරමින් හුවමාරු වන වීඩියෝව සම්පුර්ණයෙන්ම තම පක්ෂයේ සාමාජිකයෙකුගේ අදහස් විකෘති කර ඇති අතර කිසි ලෙසකත් ප්රජාතන්ත්රවාදී ලෙස බලයට පත්වන රජයක් කඩාකප්පල් කිරීම තම අභිප්රායක් නොවන බවත්, ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා ද අප සමඟ පවසා සිටියා. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මාධ්යවේදී තරිදු උඩුවරගෙදර විසින් කුමන පක්ෂයක් ආණ්ඩු බලය ලබා ගත්තත් රට පාලනය කිරීමට ඉඩ නොදෙන බවට ප්රකාශයක් කළ බවට සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහන් අසත්ය වන අතර ඔහු ඒ අවස්ථාවේ සිය අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ, ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) සම්බන්ධයෙනි. මෙම වීඩියෝව සංස්කරණය කරමින් නොමග යන සුළු අන්දමින් පළ කර තිබේ.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software