About: http://data.cimple.eu/claim-review/e9f17bb32a2783544e6720ef745ccd6a5446456e144f6d552f560483     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • තැපැල් දිනයට සමගාමීව හරිනි සහ විජිත වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරා ද? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල මාධ්ය විසින් ඇතැම් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අන්දමින් පුවත් වාර්තා කරනු ලබනවා. එලෙසින් පළ වූ පුවතක් හේතුවෙන් ජනතාව නොමග ගිය සමාජ මාධ්ය සටහන් වල නිරවද්යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : තැපැල් දිනයට සමගාමීව හරිනි අමරසූරිය මෙනවිය සහ විජිත හේරත් මහතාගේ මුුහුණතින් මුද්දර දෙකක් නිකුත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්ය සටහන් පළවී තිබුණා. මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසණය වී තිබුණේ මෙලෙසින්. මෙහි නිරවද්යතාව සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. Fact Check (කරුණු විමර්ශනය කිරීම) : තැපැත් දිනය වෙනුවෙන් නිකුත් කර ඇති අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනමාධ්ය හා මහජන ආරක්ෂක ඇමැති සහ කැබිනට් මාධ්ය ප්රකාශක විජිත හේරත්ගේ ඡායාරූප රැගත් මුද්දර පිළිබඳ පුවතක් හිරු ප්රධාන මාධ්ය ධාරා විසින් වාර්තා කර තිබුණු අතර ඒ ඔස්සේ බොහෝ සමාජ මාධ්ය සටහන් නිර්මාණය වී තිබුණා. ඊයේ(09) රාත්රී 06.55 ප්රධාන පුවත් ප්රකාශයේ මෙම පුවත සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී හරිනි අමරසූරිය මෙනවිය සහ විජිත හේරත් මහතාට මේ වසරේ තැපැල් දිනයට නිකුත් කළ මුද්දර පිළිගන්වන අයුරු වාර්තා කර තිබුණු අතර පසුව තිළිණයක් විසින් ඔවුන්ගේ රුව සහිත ඡායාරූප ද, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළිගන්වන අයුරුද දැක ගන්නට ලැබේ. නමුත් තැපැල් දිනයට නිකුත් කළ මුද්දර පිළිගන්වන අයුරු දැක්වෙන රූප රාමු සඳහා යොදාගෙන තිබූ පුවත් ටිකරය ම ඔවුන් වෙත තිළිණයක් ලෙසින් ඔවුන්ගේ රුව ඇතුළත් කරමින් නිකුත් කර තිබූ මුද්දර පිළිගැන්වීමේදී ත් භාවිත කර තිබීම මෙලෙසින් නොමග යන සුළු අන්දමින් සටහන් නිර්මාණය වීමට හේතුවී තිබුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම මෙහි සත්යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප තැපැල් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා, ඔවුන් සඳහන් කළේ, මෙය තැපැල් දිනය වෙනුවෙන් මුද්දර දෙකක් නොවන බවත්, ලෝක තැපැල් දින ජාතික පැමරුම් උළෙල ඊයේ (09) දින සැමරූ බවත්, මෙම ජාතික උත්සවය සඳහා සහභාගී වූ ප්රධාන ආරාධිතයින් වන හරිනි අමරසූරිය මෙනවිය මෙන්ම, විජිත හේරත් මහතාගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුලත් සමරු තිළිණ දෙකක් ප්රදානය කිරීමක් සිදු වූ බවත්, එම අවස්ථාවේ ඡායාරූපයක් මෙලෙසින් නොමග යන අයුරින් පළ කර බවට ඔවුන් පෙන්වා දුන්නා. එමෙන් ම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පෙන්වා දෙන්නේ, මොවුන් දෙපළ වෙනුවෙන් හුදෙක් සිහිවටන තිළිණයක් ලෙස මෙලෙසින් පුද්ගලකාර මුද්දර ලබා දුන් බවත්, මෙය තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කළ මුද්දර නොවන බවයි. තැපැල් දෙපාර්තමෙන්තුව විසින් කාණ්ඩ කිහිපයක් යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර, 2024 තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව කැපැල් සංගමයේ 150 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සමරු මුද්දර කාණ්ඩයටත්, උත්සවයේ ආරාධිතයින් දෙපල වෙත තිළිණ කරන ලද මුද්දර, පුද්ගලකාරක මුද්දර කාණ්ඩයටත් අයත්වන බව ත් එහි සඳහන්. 2024 ලෝක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබුවේ විශ්ව තැපැල් සංගමය විසින් සියළුම සාමාජික රටවල මුද්දර සඳහා යොදාගැනීමට නිර්මාණය කරන ලද චිත්ර ආකෘති ඇසුරෙන් නිර්මාණය කරන ලද මුද්දර දෙකක් වේ. එම මුද්දර වල ඡායාරූප පහතින්. 2024 ලෝක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ, සාමාන්ය භාවිතයට යොදා ගත හැකි මුද්දර දෙක හරිනි අමරසූරිය සහ විජිත හේරත් දෙපළට පිළිගැන්වූ, පුද්ගලකාරක මුද්දර ඇතුළත් සිහිවටනයේ ඇති මුද්දර ජාතික ජන බලවේගයේ මාධ්ය අංශය ජාතික ජන බලවේගයේ මාධ්ය අංශය ද, සඳහන් කළේ, මෙය හරිනි අමරසූරිය මෙනවිය හෝ විජිත හේරත් මහතාගේ ඉල්ලීම් පරිදි නිකුත් කළ මුද්දර නොවන බවත්, ඔවුන්ට තිළිණයක් ලෙසින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් මුද්දර බවත්, එය ද, තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඕනෑම කෙනෙකුට තමන්ගේ රුව රැගත් මුද්දර ලබා ගැනීමේ පහසුකම ලබා දී ඇති අතර එම ගණයේ මුද්දර යටතට මොවුන් දෙපළට තිළිණයක් ලෙසින් ලබා දී ඇති මුද්දර ද, අයත් වන බවයි. කෙසේ වෙතත් මෙය ඔවුන්ගේ අනුදැනුම මත නියෝග කරමින් ලබා ගත් දෙයක් නොවන බව ත්, සඳහන් කළා. පුද්ගලාකාරක මුද්දර ඔබටත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැකියි ඉහත තැපැල් දෙපාර්තමේන්තුවේ නිල නිවේදනයේ ද දැක්වෙන පරිදි තවද පුද්ගලකාරක මුද්දර, ඕනෑම පුද්ගලයෙකුට තමා නැමති රුවක් යොදා මුද්රණය කර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. පුද්ගලාකාරක මුද්දර ඕනෑම කෙනෙකුට එහි සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් ඒවා මිලදී ගැනීමට හැකියාව පවතී. මෙම පුද්ගලකාරක මුද්දර විවිධ අවස්ථා සඳහා නිර්මාණය වන අතර, QR කේතයක් ද දැක ගන්නට ලැබෙනවා. විජිත හේරත් සහ හරිනි අමරසුරියගේ ඡායාරුප ඇතුළත් පුද්ගලකාරක මුද්දරවල ද එම QR කේත දැකගන්නට ලැබෙනවා. QR කේතය සහිතව පුද්ගල කාරක මුද්දරයක් මුල්වරට තැපැල් දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේ දී හඳුන්වා දී තිබුනේ මෙලෙසින් එමෙන් ම මෙලෙසින් ලබා ගන්නා මුද්දර තැපැල් කටයුතු සඳහා භාවිත කිරීමේ හැකියාවක් ද පවතී. එසේම 2024 වසරේ දී නිකුත් වී ඇති නව නිත්ය මුද්දර නිකුතු ගැන වැඩි දුර තොරතුරු මෙතනින්. Also Read : විමල් වීරවංශ විසින් තම මුහුණ සහ මනාප ලකුණ සතිත මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් යොදාගනිමින් ලිපි තැපැල් කල බවට පළවන ප්රකාශ පිලිබඳ කරුණු අනාවරණයක්! අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ හරිනි අමරසූරිය මෙනවිය සහ විජිත හේරත් මහතාගේ රුව රැගත් මුද්දර තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සහ ඇතැම් ප්රධාන මාධ්ය ධාරා වල පළ වන සටහන් අසත්ය බවයි. එය තැපැල් දිනයට සමගාමීව නිකුත් කර තිබු සාමාන්ය ව්යවහාරයට ගන්නා නිත්ය මුද්දර නොව, තැපැල් දින උත්සව සැමරුම සඳහා ආරාධිතයන් ලෙස පැමිණි මොවුන් දෙපළට සිහිවටන තිළිණයක් ලෙස ලබා දී ඇති පුද්ගලකාර මුද්දර වේ.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software