About: http://data.cimple.eu/claim-review/8ed601d9075c5ef85bc8d0a37e32ebaa40a7b14e476981ffbcda1597     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • සමාජ මාධ්යයේ පළ වූ පොල් පෝලිමක ඡායාරූපයේ ඇත්ත කතාව! පවත්නා රජය යටතේ පොල් මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇති වී බවට සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්යතාව සොයා අපි සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : “පුනරුදය පෝලිමෙන් පටන් ගමු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්. මෙම තේමාවෙන් සටහන් රැසක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්. මෙහි නිරවද්යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මේ අයුරින්. Fact Check (කරුණු විමර්ශනය කිරීම) : අප මේ පිළිබඳ පරීක්ෂා කිරීමේදී මෙම ස්ථානය කුමක්ද යන්න ප්රථමයෙන් ම Goole map හරහා පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව මෙම ස්ථානය පොල් වගා කිරීමේ මධ්යස්ථානය බවට දැක ගන්නට ලැබුණා. ඒ අනුව එම ස්ථානයේ සිදුවන වැඩසටහන කුමක්ද, යන්න පිළිබඳ එම මධ්යස්ථානයේ නිල ෆේස්බුක් පිටුව හරහා කළ පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, මේ දිනවල පොල් ගෙඩිවල මිල ඉහල යාම හේතුවෙන් මහජනතාව වෙත සහනයක් සැලසීම අරමුණු කර ගනිමින් පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යංශයේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රාජ්ය වැවිලි සමාගම් එක්ව දිවයිනේ තදාසන්න ප්රදේශවලදී මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කර ඇති බවයි. එය වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යංශයේ අමාත්ය විජිත හේරත් මහතාගේ සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ යන අයගේ උපදෙස් පරිදි අද(23) දින පෙ.ව 8.30ට පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්රධාන කාර්යාල භූමියේදී ආරම්භ කර බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්ය සටහන මෙතනින්. Archived Link පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ මහතා මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්. කොළඹ, ශ්රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල ප්රදේශ වල ජංගම රථ වලින් අද දිනයේ අඩු මිලට පොල් ගෙඩියක් රු.100 ත් 120 ත් අතර මිලකට අලෙවි කරන බවට ජනතාව දැනුවත් කරමින් පළ වූ තව ත් සටහනක් මෙතනින්. ජංගම රථ මගින් රු. 100 සිට 120 දක්වා වූ මිල පරාසයකට පොල් මිලදි ගැනිමට ජනතාවට හැකියාව ඇති බව රජය නිවේදනය කර තිබුණේ මේ අයුරින්. මෙම වැඩසටහන සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සිට ප්රධාන මාධ්ය ධාරා ද, පුවත් වාර්තා කර තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. වෙළඳපොලේ පොල් ගෙඩියක මිල සීඝ්ර ලෙස ඉහළ යමින් ඇතැම් ප්රදේශ වල පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අලෙවි කර තිබෙනවා. කුඩා ප්රමාණයේ පොල් ගෙඩියක් රුපියල 120ත් 150 ත් අතර මිලකට අලෙවි වන බව ද ඇතැම් පිරිස් පෙන්වා දී තිබුණා. වෙළඳපොලේ මේ දිනවල පොල් හිඟයක් පවතින බව ද පාරිභෝගිකයෝ පවසති. පොල් ගෙඩියක් රුපියල් 80ත් 100ත් අතර තොග මිලකට වෙලෙන්දන් මිලදී ගන්නා බවද පොල් වගාකරුවන් සඳහන් කර තිබෙනවා. මේ අතර කොළඹ ඇතැම් ප්රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 160ත් 200ත් අතර මිලකට අලෙවි වන බව ද, වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් පළවූ පුවත් ලිපිය මෙතනින්. පොල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්රියාකලාපයන් නිසා යැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරනවා. පොල් සංවර්ධන අධිකාරි පනතට අනුව පොල් අපනයන පාලනය, පොල් වෙන්දේසිය, අපනයනය කිරීම සඳහා පොල් නිෂ්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක වගකීම පොල් සංවර්ධන අධිකාරියට පැවරී තිබේ. එහෙත් එහි ඇතැම් නිලධාරීන් පනතේ උපදෙස් පිළිනොපැද කටයුතු කිරීම නිසා පොල් මිල ඉහළ ගොස් ඇතැයිද පසුගිය 19 වන දා කොළඹ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර තිබුණා. සෑම වසරකම ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල පොල් ඵලදාව අඩු බවත් එම කාලවලදී දේශීය පොල් පාරිභෝජනයට ප්රමුඛ අවස්ථාව ලබාදී අපනයනයට සීමා පැනවෙන නමුත් අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන් විසින් පොල් වෙන්දේසියේදී ජාවාරම්කරුවන් සමග එක්ව පොල් අපනයනයට මුල්තැන ලබාදීමට කටයුතු කරන නිසා මේ වනවිට මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 160, 170, 180 වැනි මිලකට ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්ය වාර්තාවක් මෙතනින්. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නව රජය යටතේ පෝලිම් ක්රමය ආරම්භ වී ඇති බවට පවසමින් පොල් මිලදී ගැනීමට ඇති දිගු පෝලිමක ඡායාරූපයක් පළ කරමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යන සුළු බවයි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ, මේ දිනවල පොල් ගෙඩිවල මිල ඉහල යාම හේතුවෙන් මහජනතාව වෙත සහනයක් සැලසීම අරමුණු කර පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රාජ්ය වැවිලි සමාගම් එක්ව දිවයිනේ තදාසන්න ප්රදේශවලදී මහජනතාව වෙත සහන මිලට පොල් ලබාදීමේ සිදු කරන විශේෂ වැඩසටහනකි.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 11 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software