About: http://data.cimple.eu/claim-review/ec9e9639aef1dbeadded84ade6d7c68b9aa62e0c9dcfbbd5ad2fca0a     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • පාර්ලිමේන්තු මැතිවරණ පනත් පිළිබඳව ඔබ දැනුවත්ද? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්රී ලංකාවේ ක්රියාත්මක වන 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 03 වන ව්යවස්ථාවට අනුව ජන රජයේ පරමාධිපත්ය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් රටකට නීති පැනවීමට, එම නීතිය ක්රියාත්මක කිරීමට හා එරට නීතිය හා යුක්තිය පසිඳලීමට ඇති බලයයි. අද අප ජිවත් වන දියුණු ප්රජාතන්ත්රවාදී පාලන රාමුවක් තුළ මෙම පාලන බලතල ජනතාව විසින් ක්රියාත්මක කරනවා යන්න ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඉහත වගන්තියේ සරල අර්ථය වේ. එය වඩාත් අර්ථවත් කරනු සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පරමාධිපත්යය යන්නට ඉහත කී පාලන බලතල සමග ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් කර තිබේ. ජනතා පාලන ක්රම ආරම්භ වූ මුල් යුගයේදී සියලු පුරවැසියන් එක්වී මෙම පාලන බලතල ක්රියාත්මක කළ නමුත් සමාජය සංකීර්ණ වෙත්ම නියෝජිත ප්රජාතන්ත්රවාදී ක්රම ආරම්භ විය . එනම්, අප වෙනුවෙන් අප සතු මෙම පාලන බලතල ක්රියාත්මක කිරීමේ වගකීම අද අපගේ නියෝජිතයින්ට භාරදී තිබේ. මැතිවරණයක් යනුවෙන් අදහස් කෙරෙන්නේ මෙම ක්රියාවලිය තුළ ජනතාව සතු පරමාධිපත්ය බලය ජනතා නියෝජිතයින්ට විධිව භාරදීමේ හෝ පැවරීමේ කාර්යය යි. එසේ බලන කළ පාර්ලිමේන්තු මැතිවරණයක් යනු, ජනතාව සතු නීති පැනවීමේ බලය ජනතා නියෝජිතයින් වෙත භාරදීමේ ක්රියාවලිය වේ. ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වශයෙන් අපේක්ෂකයින් විශාල සංඛ්යාවක් මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන බැවින් ප්රායෝගිකව සිදුවන්නේ වඩාත් සුදුසු නියෝජිතයින් තෝරා ගැනීමකි. පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්රීවරයන් තෝරා ගැනීම පිළිබඳ පිළිබඳ කාර්ය පටිපාටිය හා මැතිවරණ ක්රියාවලිය පිළිබඳ අදාළ නීතිය ශ්රී ලංකාවේ නොයෙක් අණ පනත්හි සඳහන්ව තිබේ. 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාව 88 -104 දක්වා ව්යවස්ථාවන් 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවට කරන ලද 17,19 දරන සංශෝධනයන්ද අදාල වේ. එසේම, ශ්රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ නීතිය ප්රධාන වශයෙන් සංයුක්ත වන්නේ වන්නේ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහිය. ඒ සමඟම එම පනතට සිදු කරන ලද පහත දැක්වෙන සංශෝධනයන් ද අදාළ වේ. 1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත. 1988 අංක 29 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත. 1988 අංක 54 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත. 1988 අංක 35 දරණ ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත. 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත. වෙනත් නීතිමය විධිවිධාන දණ්ඩනීති සංග්රහය 169 අ - ඌ දක්වා වගන්ති. 2004 අංක 14 දරණ පාර්ලිමේන්තු පනත- ඡන්දය භාවිතා කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම. මැතිවරණ කොමිෂන් සභාව විසින් කලින් කලට නිකුත් කරනු ලබන නියෝග චක්ර ලේඛන හා ගැසට් නිවේදන නඩු තීන්දු. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 11 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software