About: http://data.cimple.eu/claim-review/2afcf4901b349ff4790f8900026de856c30fb883a31d5d59424ddb49     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • කුලියාපිටිය මෝටර් රථ කර්මාන්තශාලාවේ වොක්ස්වැගන් කාර් එකලස් කරන්නේ නැත! දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කුලියාපිටිය ඉදිකර ඇති වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමට අයත් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව සිය වැඩ ආරම්භ කරන බවක් මෑතදී නිවේදනය කළා. ඒ සමගම ඒ හ බැදුණු නොමගයවන සුළු තොරතුරු සමාජ ජාලාවල පැතිරෙනවා.ඒ පිලිබදව අප කරන විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන් සමාජ ජාලා සටහන්වලින් හැගවිමට උත්සාහ කාරන්නේ, කාලයක් තිස්සේ වොක්ස්වැගන් වර්ගයට අයත් කාර් රථ එකලස්කිරීමේ කර්මාන්තශාලාවක් පිළිබඳව විමසු අයට පිළිතුරු දෙමින්, කුලියාපිටියේ දී වෙස්ටර්න් ඔටෝ මොබයිල් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ආරම්භවූ බවක්. මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check ( සත්ය කරුණු විමසා බැලීම ) අප මුලින්ම මෙහි සඳහන් වන පරිදි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක වැඩ ආරම්භ කිරීම සම්බන්ධයෙන් වු කරුණු විමසා බැලුවා. ප්රධාන ධාරාවේ මාධ්ය පස්සේ මේ පිලිබදව කරුණු සටහන්ව තිබෙනවා. නමුත් Western Automobile නමින් ආරම්භ වී තිබෙන මෙම වාහන එකලස් කිරීමේ අංගනයේ, කුමන මාදිලියේ (brand) එකට අයත් වාහන එකලස් කිරීමේ කටයුතු සිදු වෙනවා ද යන්න අදාල වාර්තාවල සටහන් වන්නේ නැහැ. එම මාධ්ය වාර්තා වලට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින් ඉන්පසුව අප කුලියාපිටියේ Western Automobile එකලස් කිරීමේ කර්මාන්තශාලාවට කතා කර විමසුවේ මෙහි වොක්ස්වැගන් කාර් නිපදවීම සම්බන්ධව යම් ක්රියාවලියක් සිදුවෙනවාද යන කරුණයි. එහිදී එහි ප්රකාශකයෙක් අවධාරණය කළේ වොක්ස්වැගන් කාර් රථ නිපදවීමක් හෝ එකලස් කිරීමක් එම කර්මන්තශාවේ සිදු නොවන අතර ජර්මනියේ වොක්ස්වැගන් ආයතනය සමග කිසිදු සම්බන්ධයක් තමන්ට නොපවතින බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ චීන සමාගම් කිහිපයක් සමග අවබෝධතා ගිවිසුම්වලට පැමිණ සිටින අතර අදාල සමාගම්වල සන්නාමයන් නුදුරේදීම හෙළිකරන බවයි. එමෙන්ම මෙහි වොක්ස්වැගන් කාර් රථ නිපදවන බවට පැතිරෙන සමාජ ජාලා සටහන් සාවද්ය බවද ඔහු පැවසුවා. කුලියාපිටිය කර්මාන්ත ශාලාවේ පසුබිම කුලියාපිටිය කර්මාන්තශාලාව එහි ඉදිකිරීම් ආරම්භයේ සිටම තරමක් මතබේදයට තුඩු දුන් කර්මන්ශාලාවක්. කුලියාපිටිය කර්මාන්ත ශාලාවේ පසුබිම පිළිබඳව අවධානය යොමු කළහොත්, ව්යාපෘතිය 2017 ජනවාරි පළමු සතියේ වාහන එකලස් කිරීමේ කම්හලක් ලෙස මුල්ගල් තබා ආරම්භ කරන ලදී- එය වොල්ක්ස්වැගන් වර්ගයට අයත් වාහන කොටස් එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් බව ජනමාධ්ය අමාත්යාංශය ඇතුළු එවකට පැවති යහපාලන රජය නිවේදනය කළේය. නමුත් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමෙන් ටික කලකට පසු, වොක්ස්වැගන් සමාගම ව්යාපෘතියට සම්බන්ධ නැති බව නිල වශයෙන් තහවුරු කළේය. මේ සම්බන්ධයෙන් එවකට, අගමැති රනිල් වික්රමසිංහ මහතා පසුව පැහැදිලි කළේ නීතිමය ගැටලු හේතුවෙන් වොක්ස්වැගන් සමාගම ඊට සම්බන්ධ නොවූ බවයි- විස්තර මෙතැනින් කෙසේවෙතත් දැනට පවතින වාහන එකලස් කරන කර්මාන්තශාලාවක් වන අතර මෙම කර්මාන්තශාලාවේ ඉතිහාසය ආදිය සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් මිට පෙර සිදුකලා .එම කරුණු විමසා බැලීම කියවිය හැකියි පහතින්. Read : Misleading Images Go Viral Again, Falsely Attributing to The Volkswagen Factory in Kuliyapitiya අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok නිගමනය අප විසින් කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි කර්මාන්තශාලාවේ වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කරන බවට හෝ නිපදවන බවට සමාජ ජාලා වල පළවන සටහන් සාවද්ය බවයි. එහි ප්රකාශකයෙක් අප සමග තහවුරු කලේ ආයතනය වොක්ස්වැගන් සමාගම සමග සම්බන්ධයක් නොමැති බවට සහ දැනට ගිවිසුම් ගතවී ඇත්තේ මෝටර් රථ නිපදවන චීන සමාගම් කිහිපයක් සමග බවයි.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software