About: http://data.cimple.eu/claim-review/319386ec9d0b28347e3e0365f4164ed7f936b563ab377599926311a4     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිතා සජබයෙන් තරග කරන්නේ නැහැ! දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රංගන ශිල්පිනි දමිතා අබේරත්න , පසුගිය අරගල සමයේ ජනප්රිය චරිතයක්. ඒ සමගම ඇය සම්බන්ධ විවිධ ප්රචාර සමාජ ජාලාවලත් පැතිරුනා. කෙසේ වෙතත් මෙම ඇතැම් ප්රචාර නොමගයවන සුළුයි. අරගලයෙන් අනතුරුව ඇය සමගි ජන බලවේගය සමග එක්වුණා. ඇය මහ මැතිවරණයට ඉදිරිපත්වන බවට ආදී වශයෙන් සමාජ ජාලාවල පැතිරුණ ප්රචාර සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන් පසුගිය දින කිහිපය පුරාම සමාජ ජාලාවල පැතිරුණු සටහන්වල දැක්වුණේ දමිතා සජබයෙන් රත්නපුර දිස්ත්රික්කයෙන් තරග කරන බවක් මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. Explainer (කරුණු විමසා බැලීම) 2022 ලංකාවේ පැවති අරගලයේ ක්රියාකාරී සාමාජිකාවක් වූ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය, ඉන්පසුව පසුගිය ජනාධිපතිවරණ සමයේ ද සමගි ජන බලවේගයේ ප්රචාරණ කටයුතුවලට ඇය සෘජුවම සම්බන්ධ වී තිබුණා. එසේම සජබ යටතේ රත්නපුර දිස්ත්රික්කයට, දමිතා අබේරත්න නාමයෝජනා වලට අත්සන් තබා ඇති බව මීට දින කිහිපයකට ප්රධාන ධාරාවේ මාධ්යවලද මෙසේ සඳහන්ව තිබුණා. කෙසේ නමුත් සජබය විසින් රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයට බාරදුන් අවසාන නාමයෝජනා ලයිස්තුවේ ඇගේ නම සඳහන්ව තිබුණේ නැහැ. එයට හේතුව ලෙස රත්නපුර දිස්ත්රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතාන සදහන් කරන්නේ රත්නපුර දිස්ත්රික්ක තුල කාන්තා නියෝජනයකට ඉඩ හසර ලබාදීම සඳහා මේ ආකාරයට ජාතික දේශපාලනයේ නිරත, පිට දිස්ත්රික්කයකින් පැමිණි දමිතාට නාමයෝජනා ලබා නොදීමට පක්ෂය අවසානයේ තීන්දු කල බවයි. හේෂා විතානගේ ප්රකාශය පහතින්. අපි මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාධ්ය අංශයෙන් විමසීමක් කල අතර එහිදී ඔවුන් පැවසුවේ දමිතා අබේරත්න රත්නපුර දිස්ත්රික්කයෙන් ඉදිරිපත් නොවන අතර වෙනත් දිස්ත්රිකයකින්ද නාමයෝජනා ලබා නොදෙන බවයි. එමෙන්ම ඇය ජාතික ලයිස්තුවේද නොමැති බවත් ඔවුන් පැවසුවා. එසේම, කාන්තා නියෝජනය රත්නපුරයෙන් වැඩි කිරීම සඳහා තමාට රත්නපුර දිස්ත්රික්කයෙන් තරග කරන ලෙස ඇරයුම් කලේ ද එම දිස්ත්රික් සංවිධායක හේෂා විතරාණ බව සඳහන් කරමින් දමිතා පවසන්නේ, මෙසේ අවසන් මෙහොතේ සිය නම ඉවත් කරමින්, තම අයිතිවාසිකම් කඩවී ඇති බවක්. මේ ගැන අධිකරණයේ සහය පතන බවත්, කිසි ලෙසකත් පක්ෂ නායකත්වය (සජිත් ප්රේමදාස මහතා) සමඟ විරසකක් නොමැති බවත්, ඔහු තමාට සාධාරණයක් කරනු ඇති බවත්, ඇතුළුව මෙම සිදුවීමෙන් පසුව මාධ්ය වෙත දමිතා අදහස් දක්වා තිබු අයුරු පහතින්. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software