About: http://data.cimple.eu/claim-review/431d706394a1a9c89483d5f18a91e6ba3f4e2572300409bd0bf6e87f     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ට්රම්ප්, අනුරට සහය දක්වන ලෙසට ප්රකාශ කරපු වීඩියෝවේ ඇත්ත නැත්ත! දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාර අතර, සමාජ මාධ්ය ඔස්සේ නොයෙකුත් නොමග යන සුළු ප්රකාශ, අසත්ය ඡායාරූප, ව්යාජ වීඩියෝ ද මේ දිනවල බහුලව සංසරණය වෙනවා. මේ අතර ඉන් තවත් ඔබ්බට ගොස් කෘතිම බුද්ධිය ඔස්සේ සිදු කරන ව්යාජ තොරතුරු ඇතුළත් මැතිවරණ ප්රචාරණයන් ඡන්ද දායකයින් නොමග යැවීමට බහුලව ජාත්යන්තරයේ මෙන් ම මෙරට ද, භාවිත කරනු ලබනවා. එලෙසින් නොමග යවන සුළු වීඩියෝවක සත්ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්ය සටහන් : “ශ්රී ලංකාවේ සිටින හිත මිතුරනි, මම ඔබලගේ අමෙරිකාවේ 2024 වසරේ පත්වීමට සිටින මී ළඟ ජනාධිපති. ඒ වගේම මට ඕනා 2024 ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අනුර කුමාරට ඔබගේ සහෝගය ලබා දීමට. අනුර කුමාරට විතරයි පුළුවන් ශ්රී ලංකාව යථා තත්ත්වයට පත් කරන්න. ඔහු ඉතාම අවංක හොඳ මනුස්සයෙක් මම ත් ඔහුගේ රසිකයෙක්. ඔබත් ඔබගේ ඡන්දය ඔහුට ලබා දෙනවානම් හොඳයි” යනුවෙන් සිංහල බසින් අරුත් ගැන්වෙන වාක්ය කණ්ඩයක්, ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉංග්රීසි බසින් පවසන බව හඟවමින් කෙටි වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. මෙම වීඩියෝව WhatsApp ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්. මෙහි නිරවද්යතාව සොයා අප කරුණු පරික්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්. Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) : සත්ය වශයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්, සහ මෙවර ජනපති අපේක්ෂයෙකු වන ඩොනල්ඩ් ජේ. ට්රම්ප් විසින් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් ඉහත සඳහන් ලෙස ප්රකාශයක් සිදු කර තිබුණේ ද, අප ජාත්යන්තර ප්රධාන මාධ්ය ධාරා හරහා පරීක්ෂා කළා. නමුත් අපට එවැනි පුවතක් සම්බන්ධයෙන් නිල මූලාශ්රයක් දැක ගන්නට නොලැබුණි. මේ නිසා අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී ඉහත වීඩියෝවේ පසුබිමට ගැළපෙන අයුරින් ඩොනල්ඩ් ට්රම්ප්ගේ වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු වුණා. එම වීඩියෝව NBC ජාත්යන්තර පුවත් වෙබ් අඩවියේ 2017 වසරේ ට්රම්ප් සමගින් කළ වීඩියෝවක් වන අතර එහිදී ද, අනුර කුමාර මහතා සම්බන්ධයෙන් කිසිදු සඳහනක් ඔහු විසින් සිදු කරන්නේ නැහැ. එමෙන් ම එම විශේෂ සාකච්ඡාවේදී අමෙරිකාවේ එවකට ජනාධිපති වී සිටි ට්රම්ප් විසින් සඳහන් කරනු ලබන්නේ, නීතිපතිවරයාගේ සහ නියෝජ්ය නීතිපතිවරයාගේ නිර්දේශ නොතකා FBI අධ්යක්ෂ ජේම්ස් කොමේ සේවයෙන් පහ කිරීමට සූදානම් වන බවයි. මෙම වීඩියෝව ම උපයෝගි කරමින් හඬ ක්ලෝනකරණය කරමින් ට්රම්ප්, පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ප්රකාශ කළ අවස්ථාවක් බවට පෙන්වීමට කටයුතු කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් AFP කරුණු විමර්ශන කණ්ඩායම කරුණු පරික්ෂාවක් සිදු කර තිබුණේ මෙලෙසින්. AI, හඬ ක්ලෝනකරණ මෙවලම් ඉහත අවස්ථාව කෘතිම බුද්ධිය ඔස්සේ හඬ ක්ලෝනකරණය කරමින් නිර්මාණය කළ අවස්ථාවක් බවට පෙන්වා දිය හැක. එනම්, කෘතිම බුද්ධිය ඔස්සේ යම්කිසි පුද්ගලයෙකුගේ හඬ අනුකරණය කරමින් ඕනෑම පුද්ගලයෙකුගේ හඬට සමාන අයුරින් ඕනෑම ප්රකාශයක් ප්රති නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. AI-ක්ලෝන කරන ලද කටහඬ ව්යාජ තොරතුරු ප්රචාරක ව්යාපාරවල භාවිතා කිරීමෙන් මැතිවරණවලට සැලකිය යුතු ලෙස බලපෑමක් විය හැකිය. ද්වේෂසහගත ක්රියාකාරීන්ට දේශපාලන අපේක්ෂකයින්ගේ ගැඹුරු ව්යාජ හඬ නිර්මාණය කළ හැකියාව මෙමගින් ඇති අතර, ඔවුන් සැබවින්ම සිදු නොකළ ප්රකාශයන් වුවද මෙමගින් මතභේදාත්මක හෝ හානිදායක ප්රකාශයක් කළ බවට පවසමින් වුවද ව්යාජ තොරතුරු පැතිර විය හැක. මෙය ඡන්දදායකයින් නොමඟ යැවීමට, කීර්ති නාමයට හානි කිරීමට සහ මහජන මතයට බලපෑම් කිරීමට හැකිය. එවැනි උපාමාරු මගින් ප්රජාතන්ත්රවාදී ක්රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වන අතර, ඡන්දදායකයින්ගේ ව්යාකූලත්වයට පත් වෙයි. ජාත්යන්තර සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ, මෙම වසර බොහෝ රටවල මැතිවරණයන් සිදු කෙරෙන වසරක් හෙයින් AI ඔස්සේ දේශපාලන නායකයින් ලෙසට පෙනී සිටිමින් හඬ ක්ලෝනකරණය කරමින් අසත්ය තොරතුරු පැතිරවීම මතභේදයට තුඩු දී ඇති බවයි. බ්රිතාන්ය-ඇමරිකානු ලාභ නොලබන ආයතනය ජනප්රිය, ප්රසිද්ධියේ ප්රවේශ විය හැකි AI හඬ ක්ලෝනකරණ මෙවලම් හයක් හඳුනාගෙන තිබුණු අතර එම ආයතන ද, මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල දක්වා තිබුණා. ඒ සම්බන්ධ වාර්තාවක් මෙතනින්. හඬ ක්ලෝනකරණය කිරීම මැතිවරණයට බලපෑම් සිදු කරන අයුරු පිළිබඳ පළ වූ ජාත්යන්තර වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරට සහය දක්වන බවට අඟවමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව හඞ ක්ලෝන කරමින් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software