schema:text
| - Last updated on October 31st, 2024 at 01:42 pm
වර්තමාන රජය විසින් තාවකාලිකව නවත්වා තිබුණු මුදල් මුද්රණය කිරීම නැවත ආරම්භ කර ඇති බව ට
දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් සංසරණය වූවා. මෙමගින් රටේ උද්ධමනය ඇතිවිය හැකි බව ට ඇතැම් පිරිස් පැවසූ අතර තව ත් පිරිසක් පෙන්වා දුන් පවත්නා රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්රතිපත්ති ලෙසයි. මෙහි සත්ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
රජයේ අයවැය පරතරය පියවා ගැනීමට හෝ ආණ්ඩුවේ හිග ගෙවීම් පියවීම සඳහා විදෙස් ණය නොගෙන මුදල් මුද්රණය කළ බවට හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් සංසරණය වුණා.
මෙම තේමාවෙන් ෆේස්බුක් පරිශීලකයින් අතර සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.
|
|
|
|
|
|
මෙහි සත්ය කරුණු සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්රී ලංකාවේ මහ බැංකුව, ඔක්තෝබර් 25 වැනි දිනට, විවිධ ද්රවශීලතා මෙවලම් හරහා රුපියල් බිලියන 100 ක් පමණ මුද්රණය කර ඇති බවත්, රුපියල් බිලියන 36.16 ක් සහ මුද්රිත මුදල් දින හතක කාලීන වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 70 ක් ඇතුළත් කර ඇති අතර ඔක්තෝම්බර් 25 වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකමේ පැවති අතිරික්ත ද්රවශීලතාවය රුපියල් බිලියන 193.4 දක්වා වැඩි වූ බව ට ECONOMYNEXT වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived
එහි වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, ශ්රී ලංකාවේ සර්ව ආර්ථික විද්යාඥයින් මහජනතාව සහ දේශපාලඥයින් විශ්වාස කිරීමට පෙළඹී ඇත්තේ, මහ බැංකු ව්යවස්ථාවක් ලෙස ලේබල් කළ නොහැකි නව අභිමත මූල්ය නීතියක් මගින් මහ බැංකුවට ‘මුදල් මුද්රණය කිරීමේ’ හැකියාව අවහිර කර ඇති වුවත්, විවෘත වෙළඳපල මෙහෙයුම් හරහා මහ බැංකුවට මුදල් මුද්රණය කිරීමට සහ තැන්පතු නොමැතිව වෙළඳාම් කිරීමට හැකි වන පරිදි බැංකු වෙත ද්රවශීලතාව කළමණා කිරීමට අසීමිත බලතල ඇති බවයි.
මහ බැංකුවේ මූල්ය ප්රතිපත්තියට ඉදිරි මැතිවරණ මගින් බලපෑම් එල්ල වී ඇති බව ත්, ඇතැම් බැංකු සියයට 9.25ක ඉහළ පොලී අනුපාතවලට ණය ගැනීමට තීරණය කර ඇති බැවින් එය ප්රවේශම් සහගත ප්රවේශයකට මග පාදයි. මුදල් අධිකාරිය අඩු පොලී ණය ලබා දීම, තැන්පතු නොමැතිව වෙළඳාම් කිරීමට බැංකු දිරිමත් කිරීම මගින් අධික වෙළඳාම වළක්වා ඇති බව ත්, The Morning Telegraph වාර්තා කර තිබුණේ මේ අයුරින්. Archived Link
ආර්ථික විද්යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේ, මුදල් අලුතෙන් මුද්රණය කළ බවට පළ වන පුවත් නොමගයන සුළු බවයි. මුදල් අච්චු ගැසීම කියලා මෙහි සඳහන් වන්නේ රටේ සංචිත මුදල් ප්රමාණය වැඩි වීම මිස මුද්රණය කිරීම නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
“ මාසිකව සිදු විය යුතු මුදල් ප්රවාහය සඳහා මහ බැංකුව භාණ්ඩාගාරය සතුව මුදල් තිබිය යුතු වන අතර මාස පතා 25 වන දා වෙනකොට වැටුප් ගෙවීමට, 10 වන දා වෙනකොට විශ්රාම මුදල් ගෙවීමට, 15 වන දා වෙනකොට අස්වැසුම, සමෘද්දි සහනාධාර ලබා දීමට, එමෙන් ම රුපියල් බිලියන 250 ක් පමණ ලබා ගත් ණය සඳහා පොලිය ගෙවීමට, ඒ වගේ ම රුපියල් බිලියන 150 ක් විතර මුදලින් එම ණය ගෙවීමට ඇති බැවින් මෙලෙසින් මාසපතා සිද්ධ වීමට මුදල් ප්රවාහයක් තිබිය යුතුයි. නමුත් අපේ භාණ්ඩාගාරයට එහෙම මුදල් ප්රවාහයක් නැහැ. මාසිකව අවශ්ය මුදලින් භාගයක් විතර තමයි බදු ආදායම තියෙන්නේ. ඉතුරු භාගය ගෙවීම සිදුවූයේ ලබා ගන්නා ණය වලින්. දැන් ණය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ගිය අවුරුද්දේ සිට ගත්ත ක්රියාමාර්ග නිසා ඒ අඩු වුණාට ණය ගැනීම තාම සිද්ධ වෙමින් යනවා.
එලෙස ණය ගැනීම සඳහා කරන ප්රධාන දේ තමයි හැම සතියෙම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. ඒ සඳහා වෙන්දේසියක් තියෙනවා. ඒ වෙන්දේසියන් මහ බැංකුව සල්ලි හොයලා භාණ්ඩාගාරයට දෙනවා. මාසයකට සැරයක් වගේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනවා. ඉතින් ඒ වෙන්දේසි වලින්, හොයලා දෙන සල්ලි රට තුළ සංසරණය වනවා. රටට නිකුත් කරනවා. ඉතින් ඒක සල්ලි අච්චු ගැසීමක් කියන්නේ, රටේ තියෙන මුදල් ප්රමාණය සංචිත මුදල් කියන ප්රමාණය වැඩි වීමයි. සංචිත මුදල් ප්රමාණය කියන එක හැමදාම වැඩිවෙමින් තිබුණ දෙයක් මෙය අමුතුවෙන් මේ දවස් වල සිද්ධ වන දෙයක් නොවේ. ඒවා භාණ්ඩාගාරයේ මුදල් ප්රවාහයේ තියෙන අඩුපාඩුව පුරව ගන්නේ ඒකෙන්. මුදල් අච්චු ගැසීම කියලා මෙතන කියන්නේ රටේ සංචිත මුදල් ප්රමාණය වැඩි වීම මිස මුද්රණය කියන එකක් නෙමෙයි.
මුදල් වැඩි වන කොට උද්ධමනය වැඩි වනවා. ඒ ක කළමණාකරණය කරනවා ප්රතිපත්ති පොලී අනුපාත හරහා. කෙසේ වෙතත් දැනට රටේ උද්ධමනය පිළිබඳ බයක් ඇතිකර ගත යුතු නැහැ ”
නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්රණය කිරීමක් සිදුකර නැහැ- අමාත්ය විජිත හේරත්
කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය විජිත හේරත් මහතා අද(29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී සඳහන් කළේ, තම රජය මේ දක්වා කිසිදු මුදල් මුද්රණය කිරීමක් සිදුකර නෙමැති බවත් මේ සම්බන්ධයෙන් පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්යය බව ත් ය.
මහබැංකුවේ සාමාන්ය ක්රමවේදයට අනුව භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල් ඉකුත් වෙනකොට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන ක්රියාවලිය සිදුවී ඇති අතර අලුතින් මුදල් මුද්රණය කිරීමක් සිදු කර නොමැති බව ත් ඒ මහතා සඳහන් කළා.
ශ්රී ලංකා මහ බැංකුව අලුතින් මුදල් නෝට්ටු මුද්රණය කිරීම කළ යුතු අවස්ථා
ශ්රී ලංකා මහ බැංකුව විසින් සාධක දෙකක් මත අලුතින් මුදල් නෝට්ටු මුද්රණය කිරීම සිදුකළ යුතු වේ. ඉන් එකක් වන්නේ පරිහරණය කිරීමේදී දුර්වරණ වූ සහ අපැහැදිලි බවට පත්වූ මුදල් නෝට්ටු වෙනුවට අලුතින් මුද්රණය කිරීම සහ රටේ ආර්ථික සංවර්ධනයට සමානුපාතිකව නෝට්ටු මුද්රණය කිරීමයි. රටේ නිෂ්පාදනය වැඩිවී ආර්ථිකය ශක්තිමත් වනවිට ජනතාවට මුදල් අවශ්ය වන්නේ එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහාය. එවැනි තත්ත්වයකදී රටේ සංවර්ධනය අනුව අලුතින් මුදල් නෝට්ටු මුද්රණය කිරීම සිදුවේ. එය නිවැරදි ඇස්තමේන්තුවක් සහ විද්යාත්මක පදනමක් මත සිදුකරන මුදල් නෝට්ටු මුද්රණය කිරීමකි.
ශ්රී ලංකා මහ බැංකුව මුද්රණය කරන මුදල් නෝට්ටු රජයට ණය ලෙස නිදහස් කිරීම සිදුවෙයි. මෙලෙස ණය ලෙස නිකුත් වෙන්නේ ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා සංවර්ධන බැඳුම්කර මිලදී ගැනීම මගිනි. ආණ්ඩුව මේවා මිලදී ගැනීමේදී අලුත් මුදල් නෝට්ටු සංසරණයට එකතුවෙයි. ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කරන බැඳුම්කර වෙන්දේසිවලදී මෙයට පෙර අවස්ථාවල දේශීය හා විදේශීය ආයතන මේවා මිලදී ගැනීමට උනන්දුවක් දක්වන නමුත් රටේ ආර්ථික තත්ත්වය සහ පොලිය අසාමාන්ය වීම නිසා ආයෝජකයන් මේවා මිලදී ගැනීමට උනන්දුවක් නොදක්වයි. එහි ප්රතිඵලයක් වශයෙන් රජයටම මිලදී ගැනීමට සිදුවෙයි. ඒ ආකාරයෙන් මෙම අලුත් මුදල් නෝට්ටු සංසරණයට එක්වෙයි. මෙහිදී අනවශ්ය මුදල් ප්රමාණයක් ජනතාව අතට ලැබීම සිදුවෙයි.
නව මහ බැංකු පනතින් මුදල් මුද්රණයට සීමා
ජාත්යන්තර මූල්ය අරමුදල විසින් මහබැංකුව නිර්දේශපාලනිකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කරන ලෙස ත් රටේ උද්ධමනයට හේතු වූ මුදල් මුද්රණය නතර කිරීමට හැකි නව මහ බැංකු පනත ක්රියාත්මක කරන ලෙසත් පැනවූ කොන්දේසිය මත නව මහ බැංකු පනත සම්මත වීම මඟින් මුදල් මුද්රණය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට රජයට ඇති අවස්ථා දැඩි ව සීමා වූ අතර ඉන් මහ බැංකුව තවදුරටත් ස්වාධීන කිරීමට පියවර ගෙන තිබුණා.
රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී සහ ලෝක මට්ටමේ සෞඛ්ය ගැටලුවක දී පමණක් මුදල් මුද්රණය කිරීමට අවස්ථාව හිමි වන අතර එසේ මුදල් මුද්රණය කළ හැකි වන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් 5%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් වේ. මේ සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්යවරයා විසින් සිදු කළ පැහැදිලි කිරීම මෙතනින්.
විවෘත වෙළදපල කටයුතු
විවෘත වෙළදපල කටයුතු (Open Market Operations)යනු බැංකුවල ද්රවශීලතාව කලමනාකරණය හරහා කෙටි කාලීන පොලී අනුපාත ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනම රටක මහ බැංකු විසින් දිනපතා සිදුකරන කාර්යයක් වනවා.
එහිදී සිදුවන්නේ එක් දිනක් හෝ සතියක් වැනි කාලීන අවශ්යතා සදහා ද්රවශීලතාව අඩු බැංකු වලට මහ බැංකුව විසින් ණය ලබා දීමයි. අදාල දිනයට බැංකු විසින් ආපසු ඒ මුදල් මහ බැංකුවට ගෙවීමට සිදු වනවා.
මෙය උද්ධමනය අවම මට්ටමකින් පවත්වාගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට මහ බැංකුවේ සුපුරුදු විවෘත වෙළෙඳපොළ මෙහෙයුම්වලට අනුකූල වන අත්යාවශ්ය ක්රියාවලියක්.
රටේ සංචිත මුදල් ප්රමාණය වැඩි වීම මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන බැවින් බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණේ, මෙය නව මුදල් මුද්රණය කිරීමක් ලෙසයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්. මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු සම්බන්ධ නිවේදන මෙතනින්.
ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්කය උද්ධමනය 5%-7% අතර පවත්වාගෙන යා යුතු අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා ත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2.2% – 0.2% ක් දක්වාත් පහළ ගොස් තිබුණා. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.
ශ්රී ලංකා මහ බැංකුව
ශ්රී ලංකා මහ බැංකුව විවිධ වෙළඳපල ක්රියාකාරකම් හරහා රුපියල් බිලියන 100ක් මුද්රණය කර ඇති බවට පසුගිය කාලයේ වාර්තා පළ වූ අතර, එම වාර්තා පදනම් විරහිත බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මහ බැංකුව වටා ඇති වෙළඳපල ක්රියාකාරකම් හරහා ද්රවශීලතාවය සැපයීම සාමාන්ය මහ බැංකු ක්රියාකාරකමක් බවට දන්වමින් මහ බැංකුවි විසින් පළ කළ නිවේදනය මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රජයේ අයවැය පරතරය පියවා ගැනීමට හෝ ආණ්ඩුවේ හිග ගෙවීම් පියවීම සඳහා විදෙස් ණය නොගෙන මුදල් මුද්රණය කළ බවට හඟවමින් පළ වන සටහන් නොමග යවන සුළු බවයි. මෙහිදී නව මුදල් මුද්රණයක් සිදු වී නොමැති අතර මෙය උද්ධමනය අවම මට්ටමකින් පවත්වාගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට මහ බැංකුවේ සුපුරුදු විවෘත වෙළෙඳපොළ මෙහෙයුම්වලට අනුකූල වන ක්රියාවලියක්රටේ සංචිත මුදල් ප්රමාණය වැඩි වීම මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන බැවින් බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණේ, මෙය නව මුදල් මුද්රණය කිරීමක් ලෙසයි.
|