Facets (new session)
Description
Metadata
Settings
owl:sameAs
Inference Rule:
asEquivalent
b3s
b3sifp
facets
http://www.w3.org/2002/07/owl#
ldp
oplweb
skos-trans
virtrdf-label
virtrdf-url
None
About:
http://data.cimple.eu/claim-review/bd6e7c4edfbc88113cfa8ea9652bb2980635d06f7279b6e2119049c4
Goto
Sponge
NotDistinct
Permalink
An Entity of Type :
schema:ClaimReview
, within Data Space :
data.cimple.eu
associated with source
document(s)
Type:
schema:ClaimReview
New Facet based on Instances of this Class
Attributes
Values
rdf:type
schema:ClaimReview
http://data.cimple...lizedReviewRating
not credible
schema:url
http://srilanka.factcrescendo.com/political/did-npp-mp-harini-amarasuriya-admit-they-lack-experience-building-the-country-619052/
schema:text
අගමැතිනි හරිනි අමරසූරිය ඔවුන්ට රට ගොඩනැගීමේ අත්දැකීම් නොමැති බවක් පැවසුවාද ? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා පැවති ජනපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්රහණය කිරීමත් සමග ඔවුන්ගේ රජයත් පිහිටුවා ගැනුණා .ඒ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ නායකයන් ජයග්රහණයෙන් පසු සිදුකරන ප්රකාශ විවිධ ප්රචාර සමාජ ජාලාවල පැතිරෙනවා.සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.මේ ,ආචාර්ය හරිණි අමරසුරිය සිදුකල ප්රකාශයක් යයි පවසමින් පැතිරෙන සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්ය පළ කිරීම් පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්රහණයෙන් පසු මාධ්යවේදීන් සමග කතාබහකදී ,තම පක්ෂයට රට ගොඩනැගීමේ අත්දැකීම් නොමැති නමුත් එය ඉදිරි කාලය තුල අත්දැකීමෙන් ඉගෙන ගන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී අගමැතිනි හරිනි අමරසූරිය පැවසූ බවට සමාජ මාධ්ය තුළ ප්රකාශයක් පැතිර යමින් තිබේ. “අපිට රට හදන එක ගැන අත්දැකීම් නැහැ, නමුත් අපි අනාගතයේදී අත්දැකීම් ලබාගන්නවා” යනුවෙන් හරීනි අමරසූරිය ප්රකාශ කර ඇති බව සමාජ මාධ්ය ජාලාවල බෙහෙවින් ව්යාප්තවේ . ඇය සැබවින්ම එවැනි ප්රකාශයක් සිදු කර ඇතිද ....?මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. කරුණු පරීක්ෂා කිරීම මෙම ප්රකාශයේ මූලාරම්භය සොයා ගැනීමට අපට හැකි විය . අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් ටික වේලාවකට පසුව හරිනි අමරසූරිය විදේශීය මාධ්යවේදියෙකු (ස්කයි නිවුස්) සමඟ කළ කෙටි සංවාදයක් මූලික කරගෙන මෙම සමාජ ජාලා සටහන් පැතිර තිබේ . මෙම කෙටි සංවාදය ස්කයි නිව්ස් සහ ඩේලි මිරර් ඔන්ලයින් වෙබ් අවකාශයන් වල පලවී බොහෝසේ පැතිර ඇත . ස්කයි නිව්ස් වාර්තාවට පිවිසිය හැකියි මෙතනින් . ඩේලි මිරර් වීඩියෝව පහතින්. එම සම්මුඛ සාකච්ඡාවේදී අමරසූරිය දේශපාලන අත්දැකීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කළේය. ඇය මෙසේ ප්රකාශ කළාය. "රට බංකොලොත් කිරීම ගැන ස්ථිර වශයෙන්ම අපට අත්දැකීම් නැත, නමුත් අපට අත්දැකීම් තිබේ, රට ගොඩනැගීමේ අත්දැකීම් ඉදිරියේදී අපට ලැබෙනු ඇත." මෙම ප්රකාශය ජාතික ජන බලවේගය පෙර පරිපාලනයට වඩා වෙනස් ලෙස පාලනය කිරීමට අදහස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැදගත් ප්රකාශයකි . රටේ ආර්ථීක අර්බුදයට තුඩු දුන් ආකාරයේ වැරදි කළමනාකරණයක් සම්බන්ධයෙන් පක්ෂයට අත්දැකීම් නොතිබිය හැකි නමුත්, ඵලදායී ලෙස රට පාලනය කිරීමට සහ ජාතිය ගොඩනැගීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයක් ඇති බව හරිනි අමරසූරිය අවධාරණය කළාය. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok නිගමනය රට ගොඩනැගීමේ අත්දැකීම් අඩු බවත් හරිනි අමරසූරිය පැවසූ බවට පැතිර යන ප්රකාශය අසත්ය සහ නොමඟ යවන සුළුය. ඇය පවසන්නේ NPP හට අත්දැකීම් ඇතී බවයි රට වැරදි ලෙස කළමනාකරණය කිරීමේ අත්දැකීමක් නොමැති නමුත් ඵලදායී ලෙස නායකත්වය දීමට සහ ජාතිය ගොඩනැගීමේ වැඩිදුර අත්දැකීම් ලබා ගැනීමට පූර්ණ සූදානමින් සිටින බවයි අමරසුරිය පැහැදිලි කරන්නේ .
schema:reviewRating
MISLEADING
schema:author
factcrescendo
schema:datePublished
2024-09-25
(
xsd:date
)
schema:inLanguage
English
schema:itemReviewed
http://data.cimple.eu/claim/06e931e7cde361353d30c89eb6e3af4843937e88c86718974dca9146
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023
Alternative Linked Data Documents:
ODE
Content Formats:
RDF
ODATA
Microdata
About
OpenLink Virtuoso
version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software