About: http://data.cimple.eu/claim-review/d37b60cf32280fb2e5149fa402e0004107b2343ccd45f06dc2d213c4     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • පාකිස්ථානයේ පාසලක සිසුවියක් දූෂණය කළ බව කියන කතාව ගොතන ලද කතාවක්! දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්ය ඔස්සේ අසත්ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් වන හානිය පිළිබඳ ලොවට නැවතත් පාඩමක් කියා දුන් සිදුවීමක් ලෙස පාකිස්ථානයේ පාසල් සිසුවියක් දූෂණය කළ කියන සිදුවීම හඳුන්වා දීමට හැකියි. මෙම සිදුවීමට අදාළ බව කියන සටහන්, වීඩියෝ පාකිස්ථානය පමණක් නොව මෙරට ඇතුළු තව ත් රට වල පැතිරුණේ, ලැව් ගින්නක් මෙනි. නමුත් අවසානයේ සැබෑ සිදුවීමක් නොමැතිව දේපළ හානි ජීවිත හානි වලින් පමණක් කෙළවර වූ මෙම සිදුවීම් මාලාවේ සත්ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.ි සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : පාකිස්ථානයේ විශ්ව විද්යාලයක සිසුවියක් ව පාසලේ මුරකරු සහ පාසල් බස් රථයේ රියැදුරු එක්ව දූෂණය කළ බවට සඳහන් කරමින් එම සිසුවිය රෝහල් ගත කළ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්. මෙම වීඩියෝව බහුලව ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්. මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්රතිචාර කිහිපයක් පහතින්. මෙම සිදුවීම සම්බන්ධයෙන් නොයෙකුත් දෙනා මත පළ කරන බැවින් මේ පිළිබඳ සත්ය තොරතුරු විමසා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්. Fact Check (කරුණු විමර්ශනය කිරීම) : සමාජ මාධ්ය ඔස්සේ බහුලව කතා බස් කෙරුණු පාකිස්ථානයේ විශ්ව විද්යාලයක දූෂණය වූ කියන සිසුවිය සම්බන්ධයෙන් එරට ප්රධාන මාධ්ය ධාරා වාර්තා කර ඇත්ද යන්න පිළිබඳ අප ප්රථමයෙන් ම අපගේ අවධානය යොමු කළා. නැඟෙනහිර ලාහෝර් නගරයේ කාන්තා පන්ජාබ් විද්යාලයක පහළම මාලය තුළ කාන්තාවක් දූෂණය කළ බවට සමාජ මාධ්ය ඔස්සේ සිදු වූ පළ කිරීම්වලට ප්රතිචාර වශයෙන් සිසුන් සිය ගණනක් පසුගිය ඔක්තෝබර් 14වන දා සිට විරෝධතා දක්වා තිබෙනවා. වැඩි වශයෙන් පාසල් ශිෂ්යයන් ප්රමුඛ පෙළපාලිකරුවන් ජනෙල් කුඩු කර පාසල් බස් රථවලට ගිනි තැබීම් දක්වා මෙම විරෝධතා ක්රියාත්මක වුණා. මෙම සිද්ධි මාලාවෙන් අවම 28 දෙනෙකු තුවාල ලබා තිබුණා. රාවල්පින්ඩි හි සිදු වූ බව කියන සිද්ධියට එරෙහිව විරෝධතාකරුවන් 380කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම විරෝධතා පන්ජාබයේ අනෙකුත් ප්රදේශවලට ද සිදු කෙරුණා. අදාළ විද්යාලයේ, රෝහලේ CCTV දර්ශන පරික්ෂාව සමාජ මාධ්ය සටහන් වල පෙන්වා දී තිබූ සිසුවිය දූෂණයට ලක් කළ බව කියන පාසල් ආරක්ෂක නිලධාරියෙකු ද, පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියාගෙන් ප්රශ්න කිරීම් සිදුකරන අතරවාරයේ ඝාතනයට ලක්වූ බව කියන සිසුවිය හඳුනාගැනීමට හෝ සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසනවා. පළමු තොරතුරු වාර්තාව (FIR) ලියාපදිංචි කිරීමට ඇයගේ පවුලේ කිසිවකු ඉදිරිපත් නොවූ අතර, අදාළ විද්යාලයේ CCTV දර්ශන, රෝහල් වාර්තා සමඟ පරීක්ෂා කර ඇති නමුත් කිසිදු ඉඟියක් සොයාගත නොහැකි වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. සිද්ධිය වූ බව කියන පාසල නැවත දැනුම් දෙන තුරු පළාත් පන්ජාබ් රජය විසින් වසා දමා තිබුණා. පකිස්තාන විද්යාල සම්බන්ධ ජ්යෙෂ්ඨ අධ්යක්ෂවරු පැවසුවේ පාසලක හෝ විශ්ව විද්යාලයක සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබූ ශිෂ්යාවක් දූෂණය කර ඇති බවට සඳහන් කිසිදු සාක්ෂියක් නොමැති බවයි. නමුත් අන්තර්ජාලය හරහා පැතිර යන මේ සම්බන්ධයෙන් පළ වූ තොරතුරු හේතුවෙන් විරෝධතා ඇවිලවීමට තව තවත් හේතු වී තිබුණා. මේ අතර, මෙරට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබූ දූෂණයට ලක් වූ බව කියන සිසුවියක් ඇතුළත් ඉහත වීඩියෝව සමාජ මාධ්යවල බහුලව සංසරණය වීමට පටන් ගෙන තිබුණා. එම වීඩියෝව පිළිබඳ අවධානය යොමු කරමින්, ලාහෝර් හි ආරක්ෂක පොලිස් ස්ථානය මෙම නඩුවට අදාළ FIR ලියාපදිංචි කර තිබෙනවා. සමාජ මාධ්ය වීඩියෝවේ දැක්වෙන දැරිවිය ජීවතුන් අතර: දූෂණ සිදුවීමක් නොවේ ඒ අනුව, ඉහත වීඩියෝවේ දැක්වෙන පාසල් දැරිය සොයා විමර්ශනය මෙහෙය වූ පොලිස් නිලධාරීන් ට දැරියගේ දෙමාපියන් විසින් පවසා තිබුණේ, තම දියණියට එවන් අපරාධයක් නොවූ බවයි. ඔවුන් එය තරයේ ප්රතික්ෂේප කරමින් පවසා තිබුණේ, තම දියණිය නිවසේ දී වැටීමෙන් තුවාල ලබා ඔක්තෝබර් 2 සිට 11 දක්වා රෝහල් ගත කර සිටි බවත් ය. දැරියට ඔක්තෝබර් 11 වනදා දක්වා ඉටෙෆාක් සහ මහ රෝහල්වල දින 15 ක ඇඳ විවේකයක් නිර්දේශ කර ප්රතිකාර ලබා දුන් බව FIR වැඩිදුරටත් සඳහන්. ඇයට සිදුවූ තුවාලයෙන් පසුව, දැරිය සිය පාසලට ගොස් හෝ වෙනත් ස්ථානයකට ගොස් නොමැති බව ත්, මෙම දැරිය විද්යාලයට නොපැමිණි නිසා දූෂණයට ලක් වූ දැරිය සොයා ගත් බවට ඇයව කටකතාවට සම්බන්ධ කර ඇත. මෙම සිදුවීමට තම දැරිය සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ පළ කිරීම හේතුවෙන් පවුලේ කීර්ති නාමයට හානි කළ අතර, සත්යයේ පදනමක් නොමැතිව ඔවුන් අපකීර්තියට පත් කිරීම සඳහා පමණක් වීඩියෝව සාදා ඇති බව ත් සඳහන් කර තිබුණා. තම දියණියට නිවසේදී ගෘහස්ථ තුවාලයක් සිදුවී ඇති බවත්, එය කොන්දේ උළුක්කුවක් ඇතිකරමින් රෝහල් ගත කිරීමට හේතු වූ බවත් එම දැරිවියගේ පියා සඳහන් කරන අතර තම දියණියගේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්ය වාර්තා පොලිසියට ලබාදුන් බවද ඔහු පවසනවා. දූෂණයට පත් වූ සිසුවියක් ලෙස තම දියණියගේ පින්තූර අන්තර්ජාලය හරහා බෙදාගැනීම ඔවුන්ගේ කණස්සල්ලට හේතු වන බැවින් එය නතර කරන ලෙස පියා සිසුන්ගෙන් ඉල්ලා සිටියේ මෙලෙසින්. මේ සම්බන්ධයෙන් පළ වූ ජාත්යන්තර ප්රධාන මාධ්ය ධාරා වාර්තා මෙතනින් සහ මෙතනින්. පාකිස්ථානයේ පාසලක දූෂණ සිදුවීමක් වී නැහැ කාන්තා විද්යාලය පවත්වාගෙන යන පන්ජාබ් පුද්ගලික විද්යාල සමූහයේ ලාහෝර් හි අධ්යක්ෂ Arif Chaudryසඳහන් කරන්නේ, මෙවැනි දූෂණ සිදුවීමක් සත්ය වශයෙන් ම සිදුවී ඇත්නම් තමන් වෘත්තියෙන් ඉවත් තම න් ද, සිසුන් සමග සිට ගනිමින් යුක්තිය ඉෂ්ඨ කරන බවයි. එම කණ්ඩායමේ තවත් අධ්යක්ෂවරයකු වන Agha Tahir Ijaz එම ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ, ළමුන් තේරුම් ගන්න ඕන සමාජ මාධ්යවල සංසරණය වූ පළියට අසත්ය තොරතුරු විශ්වාස නොකර සත්ය කරුණු පරීක්ෂා කළ යුතු බවයි. විනිසුරු නීලුම් යටතේ මේ පිළිබඳව වූ නඩු විභාගය පිළිබඳ සම්පූර්ණ මාධ්ය වාර්තාවක් මෙතනින්. පන්ජාබ් මහ ඇමති මරියම් නවාස් පන්ජාබ් ප්රධාන අමාත්ය මරියම් නවාස් පවසන්නේ, ලාහෝර් පාසල් දැරියක් දූෂණය කළ බව කියන සිද්ධිය කිසිදු පදනමක් නොමැතිව ගොතන ලද කතාවක් බවයි. දැරිය දූෂණයට ගොදුරු වූවෙක් නොව අයහපත් දේශපාලනයේ සහ කුමන්ත්රණයක ගොදුරක් බව ඇය පෙන්වා දෙනවා. අසත්ය දූෂණ චෝදනාව දේශපාලන අත පෙවීමක් බවට චෝදනා දූෂණයට ලක් වූ බව කියන සිද්ධියට එරෙහිව නගරයේ ශිෂ්යයන් විසින් මෙහෙයවන ලද විරෝධතාව ගැන පවසමින් ඇය සඳහන් කරන්නේ “සමහර විරෝධතාකරුවන් සිසුන් පවා නොවන බව ත්, පකිස්ථානයේ සිරගත කරන ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය(PTI) පුලුල්ව පැතිරුනු ශිෂ්ය විරෝධතා උසිගැන්වීමට සහ නොසන්සුන්තාව ඇති කිරීමට ව්යාජ ප්රකාශය භාවිතා කළ බවට යි. ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන බව ඇය සඳහන් කළේ මෙලෙසින්. මේ සම්බන්ධයෙන් පළ වූ ප්රධාන මාධ්ය වාර්තාවක් මෙතනින්. එමෙන් ම සීඑම් මේරියම් පැවසුවේ, දැරියගේ පවුලේ අය ඇය වෙත පැමිණ මෙම කතාව ගොතන අය හෙළි කරන ලෙස ට ඉල්ලා ඇති බවයි. විශේෂයෙන්ම SCO සමුළුව අතරතුර විදේශීය සම්භාවනීය අමුත්තන් පකිස්ථානයට පැමිණෙන විට බොරු මත පදනම්ව පන්ජාබ් පුරා අවුල් ජාලයක් පැතිරවීම , සමාජ මාධ්ය හරහා හිතාමතාම සිසුන් නොමඟ යැවීමට සහ උසිගැන්වීමට සැලැස්මක් සකස් කර ඇති බව පැවසූ මරියම්, PTI විසින් කටකතා අවුළුවා ඒවා තම වාසියට යොදාගත් බවට චෝදනා කරනවා. ඇය වැඩි දුරටත් පවසන්නේ,"මම මහ ඇමතිවරියක් පමණක් නොව මම කාන්තාවන් ද නියෝජනය කරමි, මෙය මගේ රතු රේඛාවයි," මරියම් තවදුරටත් පැවසීය. "දූෂණයක් සිදු වූවා නම්, කිසිවෙකු කිසිවක් කීමට පෙර මම ක්රියා කරමි" ඒ පිළිබඳ මෙතනින්. සමාජ මාධ්ය ඔස්සේ අසත්ය තොරතුරු පැතිරුණු ආකාරය සමාජ මාධ්ය ඔස්සේ මෙම සිදුවීම පැතිරීමත් සමග මෙම දූෂණ සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකාරියෙකු බවට පවසා සිටි පාසල් දැරියද, එම සිදුවීම වූ බව කියන පාසලේ දැරියක් ද නොවන බවයි. එම අවස්ථාවේ ඒ දැරිය විසින් සඳහන් කරන්නේ, තමන් ට ඇසුණු තොරතුරක් තමන් ඉදිරිපත් කර බවයි. පසුව පාසල් ගුරුවරියක් විසින් මේ පිළිබඳ මාධ්යයට කියන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි. එමෙන් ම මේ සම්බන්ධ අසත්ය වැපිරිවීම සිදු කළ ගුරුවරුන්, මාධ්ය වේදීන් ද කට උත්තර ගැනීම සඳහා කැඳිවා තිබූ අතර බහුතර වීඩියෝ නිර්මාණය කර, සංස්කරණය කර නොමග යවමින් කටයුතු කර තිබුණා මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. සමාජ මාධ්ය වේදිකා අනිසි ලෙස භාවිතා කිරීම සහ අසත්ය තොරතුරු පතුරුවා හැරීම සමාජ මාධ්ය වේදිකා අනිසි ලෙස භාවිතා කිරීම සහ අසත්ය තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නඩු පැවරීමට පන්ජාබ් රජය දැඩි නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ වී තිබෙනවා. වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීමට, ව්යාජ පුවත්වල අන්තරායන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට සහ ප්රචණ්ඩත්වයට පත් නොවී එවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමට නීතිය ක්රියාත්මක කිරීමේ හැකියාව ගොඩනැගීමට රාමුවක් සකස් කරන ලෙස වාර්තාව රජයෙන් ඉල්ලා තිබේ. ඩිජිටල් වෛරී ප්රකාශ සහ ත්රස්තවාදය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කරන ලෙස නඩු විභාගයේදී තීරණය ගෙන තිබෙනවා. මෙම සිදුවීම රාජ්ය ආයතනවලට එරෙහිව සිසුන් සහ ජනතාව නොමග යැවීමේ කුමන්ත්රණයක කොටසක් ලෙස යොදා ගන්නා ලදී. මෙය කැරලි කෝලාහල, ගිනි තැබීම් සහ විනාශකාරී ක්රියාවලට තුඩු දුන් විරෝධතාවලට මිනිසුන් පොළඹවන ලදී. Also read : වෛද්ය මවුමිතා මිය යන්නට පෙර තම මවට එවූ අවසන් වීඩියෝව ? අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 5 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software