About: http://data.cimple.eu/claim-review/ff3fd7695ea135b05fe3f251d5d63d15b7ae8a4cb212e20d7197808f     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • සජිත්, ජනාධිපති වුනොත් පාස්කු දින ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි යනුවෙන් ප්රකාශයක්, කාදිනල්තුමා සිදු කර නැහැ! දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාස්කු ප්රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම යන මාතෘකාව මැතිවරණ කාලයේදී සුලබ වශයෙන් කතා බහට ලක් වන කරුණක්. මේ අතර විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා සහ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අතිගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් විසින් ප්රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මේ අයුරින්. සමාජ මාධ්ය සටහන් : “සජිත් ජනාධිපති වුනොත් පාස්කු දින ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි” යනුවෙන් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්ය සටහනක් සංසරණය වුණා. මෙම ප්රකාශය මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් විසින් ප්රකාශ කළ බවට හඟවමින් පළ වූ සටහන් පෙළක් Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) : මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් විසින් මෙලෙසින් ප්රකාශයක් කර තිබුණා ද, යන්න ප්රධාන මාධ්ය ධාරා ඔස්සේ අප පරීක්ෂා කළ ත්, එලෙසින් පළ වූ පුවතක් අපට දැක ගන්නට නොලැබුණි. නමුත් පාස්කු ඉරිදා ප්රහාරයේ වින්දිතයන්ට ජනාධිපති ධුර අපේක්ෂක සජිත්ගේ ගෙන් යුක්තිය ඉටු වේදැයි බරපතල සැකයක් මතුව ඇතැයි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්ත විසින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් ට ලිපියක් යොමුකර තිබූ බවට ඊයේ(15) දිනයේ ඇතැම් පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්. ඉහත සඳහන් සමාජ මාධ්ය සටහන සඳහා යොදාගෙන තිබුණේ, A5News.lk පුවත් ආකෘති ඡායාරූපයක් බැවින් අප එහි ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, එහි සඳහන් වී තිබුණේ, ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්ත විසින් අගරදගුරු හිමිපාණන් ට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් බවයි. නමුත් ඔවුන් ඒ සඳහා යොදාගෙන තිබූ ඡායාරූපයේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ඡායාරූපයත්, ජනාධිපති නීතිඥවරයා වරයාගේ නම නොමැතිව ඔහු විසින් සඳහන් කළ ප්රකාශයත්, නිවේදනයේ නොපැහැදිලි ඡායාරූපයක් පමණක් දක්වා තිබූ බැවින් එය කාදිල් විසින් සිදු කළ ප්රකාශයක් බවට බොහෝ දෙනෙක් උපකල්පනය කරමින් මෙම සටහන් නැවත වරක් හුවමාරු කර ගෙන තිබු අතර ඇතැම් පිරිස් එම ඡායාරුපය යොදාගනිමින් නැවත වරක් සටහන් රැසක් ද නිර්මාණය කර තිබුනේ වැරදි අර්ථකතනයක් සමගින්. නොමඟ යවන සුළු සටහන් හෙළා දකිමින් අගරදගුරු පදවියේ නිල නිවේදන විශේෂයෙන් ම මෙම සටහන නොමැතිව ඡායාරූපය පමණක් ඇතැම් පිරිස් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු කර ගැනීම හේතුවෙන් මෙම නොමග යෑම සිදුවී ඇත්තේ අගරදගුරුතුමන් විසින් සිදු කළ ප්රකාශයක් ලෙසටයි. සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන් අසත්ය බව ට අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්රිසන්ත ප්රනාන්දු පියතුමා අප කළ විමසීමේදී තහවුර වුණා. එමෙන් ම පියතුමා විසින් ඒ සම්බන්ධයෙන් දක්වා තිබූ සමාජ මාධ්ය සටහන පහතින්. “සජිත් ජනාධිපති වුනොත් පාස්කු දින ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි” යනුවෙන් පළ වූ නිවේදනයක් අගරදගුරු හිමිපාණන්ට ලැබුණ තොරතුර සත්ය වුවත්, ඉහත ප්රකාශය උන්වහන්සේ විසින් සිදු නොකළ බවට සඳහන් කරමින් කොළඹ අගරදගුරු පදවියේ නිල ෆේස්බුක් පිටුවේ ද, මේ සම්බන්ධයෙන් පළ වූ සටහන මෙතනින්. Archived Link කිසිදු පක්ෂයකට ඡන්දය භාවිතා කරන ලෙස ඉල්ලීමක් සිදුකර නොමැති බව අගරදගුරරු හිමිපාණන් සඳහන් කරයි පාස්කු ප්රහාරය ගැන පාර්ලිමේන්තුවේ විවාද කරමින් තමන් එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ප්රකාශ කරන ලෙසට ඉල්ලීමක් කල බවට එම මන්ත්රීවරුන් සඳහන් කර ඇති බවක් සඳහන් කරමින් එය සම්පූර්ණයෙන්ම අසත්ය තොරතුරක් බව පසුගිය මැයි මාසයට ආසන්න කාලයේදී අගරදගුරරු හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. තමන් කිසි දිනක කිසිදු පක්ෂයකට ඡන්ද භාවිත කරන ලෙසට කිසිවෙකුගෙන් හෝ ඉල්ලා නැති බව උන්වහන්සේ එහිදී පෙන්වා දෙනවා. පාස්කු ප්රහාරයේ සත්ය පිළිබද විමර්ශන කරන බවට තමන්ට මෙතෙක් සහතික වී වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇති පක්ෂ ලෙස සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය හදුන්වාදුන් බව අගරදගුරු හිමිපාණන් ප්රකාශ කරනවා. ඒ අයුරින් වෙනත් දේශපාලන පක්ෂවලට ද එසේ කිරීමට ඉඩකඩ ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. එ් සම්බන්ධයෙන් පළ වූ ප්රධාන මාධ්ය ධාරා පුවතක් මෙතනින්. සජබ ජනපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා මෑතක දී කාදිනල් තුමා හමුවීම අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හමුවක් පසුගිය සැප්තැම්බර් 11 වන දා කොළඹදී සිදු වී තිබුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාස්කු දා ප්රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්රියාදාමයක් වෙනුවෙන් තමා උරදෙන බවත්, අධිකරණ ක්රියාදාමය නැවත ප්රත්යක්ෂ කිරීමට කටයුතු කරන බවත්, කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු විය. එසේම පාස්කු දා ප්රහාරයේ වින්දිතයන්ට සහන දීමටත්, මෙහි මහ මොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දීමටත් තමා කටයුතු කරන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්රධාන මාධ්ය ධාරා පුවතක් මෙතනින්. මීට පෙර අවස්ථාවන් වලදී ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ අසත්ය දේශපාලනික සටහන් සඳහා යොදාගැනීමේ ප්රවනතාවය ක් තිබූ අතර පසුගිය 2019 ජනාධිපතිවරණ සමයේදී එලෙසින් පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාවක් පහතින්. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් පැතිර යන අසත්ය පුවත්.. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයේ පෙන්වා දෙන්නේ, අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් “සජිත් ජනාධිපති වුනොත් පාස්කු දින ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි” යනුවෙන් ප්රකාශයක් කළ බවට හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහන් අසත්ය බවයි. එවැනි ප්රකාශයක් කරමින් නිවේදනයක් අගරදගුරු තුමන් වෙත ට යොමු කර තිබුණේ, ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්ත විසිනි.
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software