About: http://data.cimple.eu/claim-review/0c0d939fb0c8c2a415bee2212fddca2e0f3ee4fefb4d398ed02987a4     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ඊශ්රායල්-ගාසා ගැටුම් වලින් අවතැන් වූ දරුවෙකු ළග රැඳී සිටින සුනඛයෙකුගේ සත්ය වීඩියෝවක් ද? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඊශ්රායල්-ගාසා තීරයේ නොනවතින ගැටුම් මැද මියගිය, අවතැන් වූ වැසියන් පිළිබඳ පුවත් මෙන් ම, ඡායාරූප සහ වීඩියෝ මුළු ලොවකගේ හද කම්පාකරවයි. ඉන් පීඩා විදින කුඩා දරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඡායාරූප ද, දැඩි සංවේගයක් දනවන අතර එවැනි කාරණා ඔස්සේ නොමග යන සුළු වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වනු ලබනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : “කඳුළු නවත්වගන්න බැරි තරම් දුකයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ, ඊශ්රායලයේ සහ ගාසා තීරය අතර පවතින යුද ගැටුම් වල දී ගොඩනැගිල්ලකට යට වී සිටින හඬන දරුවෙකු ආරක්ෂා කරමින් සිටින සුනඛයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්. මෙම වීඩියෝව 25,000ක් පමණ පරිශීලකයින් අතර හුවමාරු වී ඇති අතර බොහෝ දෙනෙකු මෙය සත්ය අවස්ථාවක වීඩියෝවක් බවට උපකල්පනය කර තිබුණා. මෙහි නිරවද්යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්. Fact Check (කරුණු විමර්ශනය කිරීම) : මේ දිනවල ඊශ්රායල සහ ගාසා තීරය අතර යුධ ගැටුම් ඇති වී ඇති තත්ත්වයක මේ හේතුවෙන් පීඩා විඳින වැසියන්ගේ ඡායාරූප, වීඩියෝ ප්රධාන මාධ්ය ධාරා මෙන් ම සමාජ මාධ්ය ඔස්සේ ද,සංසරණය වනවා. නමුත් ඉහත වීඩියෝවේ පසුබිම, දරුවා සහ සුනඛයාගේ දක්නට ඇති සියුම් වෙනස් කම් හරහා යම් යම් අසමානතා දැක ගන්නට ලැබෙන බැවින් මෙය සත්ය වීඩියෝවක් නොවන බවට අනුමාන කළ හැක. අප මෙම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය(AI-Generated) කරන ලද්දක් ද, බවට පරීක්ෂා කිරීම සඳහා එම වීඩියෝ AI හඳුනාගැනීමේ මෙවලමක් ඔස්සේ පරීක්ෂා කළ අතර එහි ප්රතිඵලය මගින් ද, තහවුරු වූයේ මෙම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද බවයි. ඊශ්රායලය - ගාසා තීරයේ ගැටුම් මේ වනවිට ඇමෙරිකාවේ ද මැදිහත් වීමෙන්, යළිත් වරක් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වන අතර ඊශ්රායල හමුදා සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත් වුවහොත් පමණක්, සටන් විරාමයකට එකඟ වන බව ගාසා තීරයේ ක්රියාත්මක හමාස් සංවිධානය පවසනවා. සාකච්ඡා පැවැත්වෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරදීය. කටාරය ද මැදිහත්කරුවකු ලෙස එක් වී ඇති බවට ජාත්යන්තර ප්රධාන මාධ්ය ධාරා වාර්තා කරනවා. සිවිල් වැසියන් වැඩි ගණනක් මරා දමමින් සහ ප්රාණ ඇපකරුවන් ලෙස 251ක් ප්රාණ ඇපයට ගනිමින්, හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් 7 වන දා ඊශ්රායලයේ පෙර නොවූ විරූ අන්දමේ ප්රහාරයක් දියත් කරන ලදී. මෙය ඊශ්රායලය සහ හමාස් අතර සම්පූර්ණ යුද්ධයක් ඇවිල වූ අතර, එය කලාපයේ මෑත ඉතිහාසයේ මාරාන්තික ම ගැටුම්වලින් එකක් ලෙස පැවසේ. මෙම ප්රහාර එල්ල වී ඇත්තේ ඉරානය මෙම මස මුලදී ඊශ්රායලයට බැලස්ටික් මිසයිල 200කට ආසන්න ප්රමාණයක් දියත් කිරීමෙන් පසුවය. ඊශ්රායලය ප්රතිප්රහාර එල්ල කරන බව ප්රකාශ කර තිබෙනවා. හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා සහ ඉරාන විප්ලවකාරී ආරක්ෂක කෝප් කුඩ්ස් බලකායේ මෙහෙයුම් අණදෙන නිලධාරී බ්රිග්-ජනරාල් අබ්බාස් නිල්ෆෝරූෂාන් මරා දැමූ ඊශ්රායල ප්රහාරවලින් පසුව ඉරාන ප්රහාරය එල්ල විය. මෑතකදී ගාසා නගරයට ගිය ජාත්යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයෙකු පවසා තිබුණේ, 400,000 ක පමණ ජනතාවක් උතුරේ විඳින මින් පීඩා විදින බවයි. 2023 ඔක්තෝම්බර් 7 වන දින දකුණු ඊශ්රායලයට කන්ඩායම විසින් පෙර නොවූ විරූ ප්රහාරයකට ප්රතිචාර වශයෙන් හමාස් විනාශ කිරීමේ ව්යාපාරයක් ඊශ්රායලය දියත් කරන ලද අතර එහිදී 1,200 ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු ප්රාණ ඇපයට ගනු ලැබුවා. ප්රදේශයේ හමාස් පාලනය කරන සෞඛ්ය අමාත්යාංශයට අනුව එතැන් සිට ගාසා තීරයේ පුද්ගලයින් 42,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු පරික්ෂාවෙන් පෙන්වා දෙන්නේ, ඊශ්රායල්-ගාසා තීර යුධ ගැටුම් වලින් පීඩාවට පත් වූ දරුවෙකු සුනඛයෙකු ආරක්ෂා කරන බවට දැක්වෙන වීඩියෝ සත්ය වීඩියෝවක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.123 as of May 22 2025


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data]
OpenLink Virtuoso version 07.20.3241 as of May 22 2025, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 8 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2026 OpenLink Software