About: http://data.cimple.eu/claim-review/1269f78034a32990b5cd83ca8b7d92cb2503d80145395d7c9a1f9a7f     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ඡන්ද කාලයේදී රාජ්ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනද? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්රී ලංකාවේ ජනාධිපතිවරණයට දින ඉතා අසන්නව පවතින විට, තැපැල් ඡන්දයේ අවසන් අදියර නිමවන පසු බිමකදී, රාජ්ය සේවකයින්, වැටුප් වැඩිකිරීම් සහ රජයේ ප්රතිලාභ පිළිබඳ ප්රකාශ ජනතාව අතර කුතුහලයක් ඇති කරමින් පවති. සමාජ මාධ්ය සටහන් : සමාජ මාධ්ය සටහන් සහ 2024 සැප්තැම්බර් 9 වන දින මොනර පුවත්පතේ පළ වූ වාර්තාවක පෙන්වා දෙන්නේ, රජයේ සේවක වැටුප් වැඩි කළ කැබිනට් පත්රිකාවක් නොමැති බවයි. එහි වැඩිදුරටත්, පෙන්වා දෙන්නේ, රජයේ සේවකයින්ට ලබන වසරේ ජනවාරි සිය වැටුප් වැඩි කිරීමට අදාළව කැබිනට් අනුමැතිය ලබා ගත් බව රජය වරින් වර ප්රකාශයට පත් කළත්, එවැනි කැබිනට් පත්රිකාවක් සම්මත කරගෙන නැති බව මැතිවරණ කොමිසම හෙළි කර ඇති බවයි. මෙම ප්රකාශ WhatsApp පරිශීලකයින් අතර ද හුවමාරු වී තිබුණේ මෙලෙසින්. මෙහි නිරවද්යතාව සොයා අප කරුණු පරික්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්. Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) : කැබිනට් තීරණ සහ එහි ක්රියාපටිපාටිය: 2024 මැයි 27 වනදා, කැබිනට් තීරණ අංක 24/Misc (020) හරහා, රාජ්ය අංශයේ වැටුප් අසමතාවයන් ඉටු කිරීම සඳහා අධ්යයන වැඩපිළිවෙලක් ආරම්භ කෙරිණි. විශේෂඥ කමිටුවක් පත් කර, වෘත්තිය සමිති සහ රජයේ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණ, එමඟින් අතුරු වාර්තාවක් ද, සකස් කෙරිණි. මෙම අතුරු වාර්තාව, "රාජ්ය අංශයේ වැටුප් අසමතාවයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු අතුරු වාර්තාව" ලෙස නම් කරමින්, 2024 අගෝස්තු 12 වනදා කැබිනට් මණ්ඩලයෙන් අනුමත විය. මෙම වාර්තාවෙහි සඳහන් වූයේ 2025 අයවැය යෝජනා ලෙස ක්රියාත්මක කිරීම සඳහා යෝජනා වූ වැටුප් සංශෝධනයි. සංශෝධන වශයෙන් මාසික ජීවන වියදම් දීමනාවක් රු. 25,000ක්, රාජ්ය අංශයේ අවම ආරම්භක වැටුප 24%කින් වැඩි කිරීමක් සහ රජයේ විශ්රාමිකයින් සඳහා ලබා දෙන සැලසුම් ද, ඇතුළත් වේ. මෙම සියලු දීමනා 2025 ජනවාරි මාසයේදී ක්රියාත්මක කිරීමට යෝජනා වී ඇති අතර විශේෂඥ කමිටුව තම අවසන් වාර්තාව 2024 සැප්තැම්බර් 3 වනදා ජනාධිපතිට ඉදිරිපත් කළ අතර, එහි යෝජනා 01 සිට 08 දක්වා වාර්තා කර තිබුණි. එම වාර්තාව රාජ්ය අංශ වර්ගීකරණය, සේවක දීමනා, විශ්රාම වැටුප් අසමතා සහ අදාළ දීමනා සහ අයකිරීම් පිළිබඳ යෝජනා වේ. එමෙන් ම 2025 ජනවාරි 1 වැනිදා සිට ක්රියාත්මක කිරීම සඳහා ප්රතිපත්තිමය අනුමැතිය ලැබී ඇති අතර, එම නිර්දේශ 2025 අයවැය යෝජනාවලට ඇතුළත් කර ඇත. නිල ලේඛන සහ සත්යතාව: අගෝස්තු 12 වනදා රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ වූ කැබිනට් තීරණ සමාලෝචනය කිරීමේදී, අග්රාමාත්ය මාධ්ය අංශය විසින් පැහැදිලි කරන ලද වැටුප් වර්ධනය සම්බන්ධ කැබිනට් තීරණයක් පැහැදිලිව සඳහන්ව තිබේ. 2024 අගෝස්තු 12 වැනිදා ප්රකාශයට පත් කළ සම්පූර්ණ කැබිනට් තීරණ මෙතනින්. කැබිනට් මාධ්ය ප්රකාශකගේ පැහැදිලි කිරීම: 2024 සැප්තැම්බර් 10 වනදා, කැබිනට් මාධ්ය ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසු මාධ්යවේදියෙකුගේ ප්රශ්නයකට පිළිතුරු දෙමින්, ප්රවාහන හා අධිවේගී මාර්ග අමාත්ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ, 2025 අයවැයෙන් රාජ්ය අංශයට පෙර නොවූ විරූ ලෙස වැටුප් වැඩි කිරීම ඇතුළු නිර්දේශ උදය ආර් සෙනෙවිරත්න කමිටු වාර්තාව පදනම් කරගෙන භාණ්ඩාගාරය විසින් සකස් කරන 2025 අයවැය ලේඛනයට ඇතුළත් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අසත්ය ප්රකාශයක් පතුරුවා හැරීම පිළිබඳ ඔහු එම අවස්ථාවේදී සිය කණස්සල්ල දක්වා තිබුණා. ජනාධිපති මාධ්ය අංශය: ජනාධිපති මාධ්ය අංශය පවසන්නේ, සමාජ මාධ්යවේ පළවන ප්රචාරයන් අසත්ය බවත්, 2024 අගෝස්තු 12 වනදා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්ර අංක 24/1609/601/097 මඟින් රාජ්ය අංශයේ වැටුප් වැඩිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්ය. මේ සම්බන්ධ වාර්තාව මෙතැනින්. එම තොරතුරු ඇතුළත් රාජ්ය අංශයේ වැටුප් සීමා කිරීම සම්බන්ධයෙන් ලැබූ අනුමැතිය සහ නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්ය අංශය විසින් අප වෙත සපයන ලද ලේඛනයක් ද, අප පරීක්ෂා කරනු ලැබුවා. මැතිවරණ කොමිසමේ ප්රකාශය: අප මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති කටයුතු සහ සමාජ මාධ්ය සඳහා නියෝජ්ය කොමසාරිස් පියුමි ආටිගල මහත්මිගෙන් මේ පිළිබඳ විමසූ අතර, ඇය පැවසුවේ ඉහත වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණය මැතිවරණ කාලසීමාවේදී සිදුවූ බැවින් ජනතාවට මෙමගින් ඡන්ද ලබා ගැනීමට බලපෑමක් සිදු කළ හැකි බවට සඳහන් කරමින් කොමිසමට පැමිණිලි ලැබී ඇති බවයි. එම පැමිණිලි වල වැඩි දුරටත් සඳහන් වී තිබුණේ, නිල කැබිනට් පත්රයක් ඉදිරිපත් නොකළ මොහොතක මෙම වැටුප් වැඩි කිරීම ප්රකාශයට පත් කර තිබීම සම්බන්ධයෙනි. නමුත් ඇය සඳහන් කළේ, මැතිවරණ කොමිසම විසින් මෙම පැමිණිලි පිළිබඳව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි. එහෙත්, ජනාධිපතිවරණ කාලසීමාවේදී රාජ්ය අංශයට වැටුප් වැඩි කිරීම් ප්රකාශයට පත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම විවේචනාත්මකව පෙනී සිට ඇති අතර, එම ගැටලුව පොදු පරිපාලන අමාත්යාංශයට පැමිණිලි කර තිබේ. People's Action for Free and Fair Elections (PAFFREL) වැනි මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්ද මෙම යෝජිත වැටුප් වැඩි කිරීම පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ. PAFFREL පෙන්වා දී ඇත්තේ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් වැටුප් වැඩි කිරීම අවශ්ය වුවත්, මැතිවරණ කාලසීමාවේදී එය ක්රියාත්මක කිරීම රාජ්ය අංශ සේවකයින් 1.4 මිලියනකගේ දේශපාලනමය බලපෑමක් ඇති කිරීමට උත්සාහයක් විය හැකි බවය. වැඩිදුර තොරතුරු මෙතැනින් ලබා ගත හැක. Conclusion (අවසාන නිගමනය) : රාජ්ය අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී නැති බවත්, එම නිවේදනය අසත්ය බවත් පළ වන තොරතුරු නොමග යන සුළු වේ. රජය 2024 අගෝස්තු මාසයේදී මෙම වැටුප් වැඩි කිරීම අනුමත කර ඇති අතර, එය 2025 අයවැය යෝජනා තුළ ඇතුළත් වීමට යෝජිතය. එහෙත්, මෙම යෝජනාව එය මැතිවරණ කාලසීමාවේදී ප්රකාශයට පත් කිරීම රජය මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් විවේචනයට ලක්ව ඇත. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software