About: http://data.cimple.eu/claim-review/239fe40e5cd788bdd12edc2b1dd1ba155fbf7af74795ba3977cb9221     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීමේ සුදුසුකම් සහ නුසුදුසුකම්? මැතිවරණයක් පවත්වන්නේ අපේක්ෂකයන් අතරින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීම සදහාය. එබැවින් මැතිවරණයකදී අපේක්ෂකයන් අනිවාර්ය පාර්ශවයකි. නාමයෝජනා සහ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව එනම්, අපේක්ෂකයකු වීමේ සුදුසුකම් සහ නුසුදුසුකම් පිළිබඳව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 90 වැනි ව්යවස්ථාව, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 91 වැනි ව්යවස්ථාව සහ ආයතන සංග්රහයේ XXXII වැනි පරිච්ඡේදයන්හි, සඳහන් වේ.ඒ අනුව, අපේක්ෂකයකුගේ සුදුසුකම් ලෙස; - ශ්රී ලාංකික පුරවැසියකු වීම - ශ්රී ලාංකික පුරවැසියකු වීම වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම - ශ්රී ලංකා පුරවැසියකු නොවීම - වසර අවුරුදු 18 සම්පූර්ණ නොවූ අයෙකු වීම - ශ්රී ලංකාවේ පවතින නීතියක් අනුව සිහි විකල් තැනැත්තෙකු ලෙස තීරණය කර ඇති අය. - අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කළ හැකි වරදකට වරදකරුවී මාස හයකට නොඅඩු කාලයක් සිර දඬුවමකට නියමව ඇති අයත්, මරණ දඬුවමක් - වෙනුවට සිර දඬුවමක් විඳිමින් සිටින අයත්, පසුගිය අවුරුදු හත ඇතුළත එම දඬුවම සම්පුර්ණයෙන්ම විඳ ඇති අයත්, එහෙත් කොන්දේසි රහිත සමාවක් ලැබූ අයට ඉදිරිපත් විය හැකිය - ජනමත විචාරණයක දී, ජනාධිපතිවරණයකදී හෝ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී නීති විරෝධී ක්රියාවට හෝ දූෂණ ක්රියාවකට සම්බන්ධ වීම නිසා අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ දිනයේ සිට අවුරුදු හතක් ඉක්මවා නොමැති අයෙකු වීම - අල්ලස් චෝදනාවකට වරදකරු වී අවුරුදු හතක් ඉක්මවා නොමැති නම්. - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නීතිය යටතේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ අවුරුදු හතක් නොඉක්ම වූවන් - රාජ්ය ආයතනයක දූෂණ ක්රියාවන් සම්බන්ධව නීතියෙන් වරදකරු වී අවුරුදු පහක් ඉක්මවා නැති නම් - ජනමත විචාරණයකදී, ජනාධිපතිවරණයකදී හෝ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී නීති විරෝධී ක්රියාවකට අනුරූප වන වරදක් සම්බන්ධව වරදකරුවී අවුරුදු තුනක් නොඉක්ම වූවන් - පාර්ලිමේන්තුවෙන් ප්රජා අනුගනුතා යෝජනාවක් සම්මත කරනු ලැබූ අනුශක්නුතා කාලය ඉක්මවා නැතිවවුන් - බොරු සාක්ෂිදීම, වරදක තොරතුරක් දැනුම් නොදීම, වරදක් පිළිබඳව අසත්ය තොරතුරු සැපයීම, සාක්ෂි විභාගයකදී අවශ්යය ලේඛන හෝ ද්රව්ය විනාශ කිරීම හා සම්බන්ධ වරදකට වරදකරු වී සත් වර්ෂයක් නොඉක්ම වූ අය - ශ්රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ හෝ දිසා අධිකරණයේ යම් විනිශ්චයකාරවරයෙකුගෙන් සංයුක්ත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක නියමය අනුව කොමිසම ඉදිරියේ පෙනී නොසිටීම, ප්රතිඥාවක් හෝ දිවුරුමක් දීම ප්රතික්ෂේප කිරීම, අසන ලද ප්රශ්නයකට පිළිතුරු නොදීම, තමන් ළඟ ඇති ලේඛන හෝ ද්රව්ය හෝ තොරතුරු ඉදිරිපත් නොකිරීමට ආදියෙන් කොමිෂමට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී අවුරුදු හතක් ඉක්මවා නොමැති අයෙකු වීම - ජනාධිපති පදවිය දරණ තැනැත්තා - අධිකරණ නිලධාරීන් (සමථකරුවන් මේ යටතට නොවැටේ) - පරිපාලන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මහකොමසාරිස් - පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අය - රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති - විගණකාධිපති - 1970.11.18 දිනදී ආරම්භක වාර්ෂික වැටුප රුපියල් 7200/- නොඅඩුව පැවති ධූර දරන රාජ්ය නිලධාරීන් - 1970.11.18 දිනට පසුව ඇති කරන ලද රාජ්ය ධූරයක වාර්ෂික ආරම්භක වැටුප - 1970.11.18 දිනයේදී රුපියල් 6700/- අඩු නොවන රාජ්ය සේවකයින් - 1970.11.18 දිනට ආරම්භක වැටුප රුපියල් 7200/- කට අඩු නොවූ රාජ්ය සංස්ථා නිලධාරීන් - ත්රිවිධ හමුදා සාමාජිකයින් - පොලිස් නිලධාරීන් හා පොලීසියේ කාර්යය ඉටුකරන රාජ්ය නිලධාරීන්, ග්රාම නිලධාරීන් ද ඇතුළුව - රජයේ දෙපාර්තමේන්තුවක් හෝ රාජ්ය සංස්ථාවක් සමඟ යම් ගිවිසුමකට ඇතුළත් ව සිටින්නන් - වස්තු භංගත්වයට පත්වූ බවට ප්රකාශ කරනු ලැබූවන් - ගත වූ අවුරුදු හත ඇතුළතදී පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ කාර්යයක් සඳහා තුටු පඬුරක් ගත් අයෙකු ලෙස අධිකරණයකින් හෝ විශේෂ ජනාධිපති කොමිෂමකින් තීරණය කරනු ලැබූ අය - පළාත් පාලන ආයතනයකට මන්ත්රීවරයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමක දී යම් නීතියක් අනුව ඡන්දය දීමෙන් වළක්වා ඇති අය - පාර්ලිමේන්තු මන්ත්රී ධුර දරන්නන් - මැතිවරණ කොට්ඨාස එකකට වැඩි ගණනකට අපේක්ෂකයෙකු වශයෙන් නාම යෝජනා කර ඇති අය අපේක්ෂකයකුගේ නුසුදුසුකම්; ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 89 සහ 91 (1) ව්යවස්ථාවේ මන්ත්රීවරයෙකු ලෙස තේරී පත්වීමට නුසුදුසුකම් දක්වා ඇත. ඒ අනුව පහත සඳහන් පුද්ගලයන් හට අපේක්ෂකයින් විය නොහැකිය. මීට අමතරව 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසි භාවය සහිත පුද්ගලයන් ද පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා සුදුස්සන් ලෙස නම් කර ඇත. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.123 as of May 22 2025


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data]
OpenLink Virtuoso version 07.20.3241 as of May 22 2025, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 8 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2026 OpenLink Software