About: http://data.cimple.eu/claim-review/41d23a776291cc2cf4b1ec3641fd4134a93c0df5dd46bf3189674686     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ඉතා අඩු මිලකට, සැත්කමකින් තොරව රුධිර කැටි දියකර දැමිය හැකි ඉන්දියාවේ නව නිපැයුමක් ? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෛද්ය විද්යාවේ දියුණුවත් සමගම නවීන වෛද්ය උපකරණ සහ මෙවලම් බිහිවී තිබෙනවා. සමාජ ජාලා පරිශීලකයන් මේ පිලිබදව නිතර අවධානය යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් වීඩියෝවක් මූලික කරගනිමින් සමාජ ජාලාවල පැතිරෙන සටහනක දැක්වෙන්නේ, හෘද ආශ්රිත ආබාධ තත්ත්වයක හෝ අසාමාන්ය තත්ත්වයකදී ධමනි වල රුධිර කැටි ඇතිවූ අවස්ථාවක, සංකීර්ණ සැත්කමක් නොකර, ඒවා දියකරහැරිම සඳහා වූ උපකරණයක් ඉන්දීය වෙද්යවරු කණ්ඩායමක් මෑතක නිපදවා ඇති බවකි. එසේම මෙම ක්රියාවලිය සදහා වැය වන්නේ ඩොලර් 75ක් පමණ (රුපියල් 22,000 පමණ), සැත්කමකට සාපේක්ෂව ඉතා අඩු පිරිවැයක් බවද සඳහන්. මේ සම්බන්ධ කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check (කරුණු විමසා බැලීම) අදාළ වීඩියෝවේ මුලින් මෙම උපකරණයේ නම MegaVac ලෙස සදහන්. මේ පිලිබදව අප කල KeyWord සෙවුම් මගින් දැනගැනීමට හැකිවුවේ මෙය 2013 වසරේදී ඇමරිකානු වෛද්යවරයෙක් වන රිචඩ් ෆුල්ටන් විසින් නිපදවා ඇති බවක්. ඔහුට මේ ආකාරයේ වෛද්ය උපකරණ 60 ක් පමණ නිපදවා පේටන්ට් බලපත්ර හිමියි. වැඩිදුර තොරතුරු මෙතනින් ඔහු විකිරණවේදී වෛද්යවරයෙක් වන අතර ඇමරිකාවේ කොලරාඩෝ ප්රාන්තයේ ශාන්ත මේරි රෝහලේ විකිරණ විද්යා අංශයේ ප්රධානියා ලෙස කලකට පෙර කටයුතු කර තිබෙනවා. ඔහුගේ LinkedIn ගිණුමට පිවිසිය හැකියි මෙතනින් සමාජ ජලාවල බහුලව පැතිරෙන වීඩියෝව, මෙම උපකරණයේ ක්රියාකාරිත්වය සම්බන්ධයෙන් Capture Vascular යු ටියුබ් චැනලයට 2017 වසරේදී යොමුකරන ලද්දක්. එම වීඩියෝවට පිවිසිය හැකියි පහතින්. මෙම උපකරණයේ ක්රියාකාරිත්වයේදී සිදුවන්නේ හෘදයට රුධිරය සපයන ධමනි අවහිරවිමකදී අදාළ රුධිරවාහිනී තුලට ඇතුළු කරන සියුම් උපකරණයක් මගින් රුධිර කැටි ක්ෂයව යාමට සැලැස්වීමයි. මෙහිදී බයිපාස්ට සැත්කමකදී හෝ වෙනත් බොහෝ සැත්කම්වලදී සිදුකරන ආකරයට හෘදය විවෘත කිරීමක් සිදු නොවේ . මෙහි ක්රියාකාරිත්වය පිළිබඳව විස්තරාත්මක කෙටි වීඩියෝවක් මෙතනින්. 2018 වසරේදී මාධ්යට අදහස් දක්වමින් වෛද්ය ෆුල්ටන් පවසන්නේ මෙම උපකරණය මගින්, මුල්වරට 2016 වසරේ දී සාර්ථකව රෝගියෙකුගේ හදවතේ තිබුණු ලේ කැටියක් ඉවත්කර දැමුණු බවක්. ඒ සම්බන්ධ විස්තර මෙතනින් මෙම උපකරණය සම්බන්ධයෙන් ගෝලීයව මෙවැනි උපකරණ නිෂ්පාදකයන් සඳහා වන දත්ත ගොනුවේද සඳහන්. එතනට පිවිසිය හැකියි මෙතනින් මේ උපකරණය, වත්මන් භාවිතය වැනි කරුණු ගැන අප වැඩිදුර එය නිපදවූ වෛද්යවරයාගෙන් විමසු අතර ඔහු ලබාදෙන තොරතුරු අනුව මෙම ලිපිය යාවත්කාලින වනු ඇත . අඩු පිරිවැයකින් සිදුකළ හැකි ක්රියාවක් නම් නොවේ! මෙහි පිරිවැය පිලිබදව වෙනත් කරුණු විමසීම් කණ්ඩායමක් මගින් එහි නිෂ්පදකවරයාගෙන් පසුගිය වසරේදී විමසා බැලූ අවස්ථාවේදී ඔහු පවසන්නේ මෙහි උපකරණ පිරිවැය පමණක් එක් භාවිතයකට ඩොලර් 1000 ඉක්මවන බවත්, මේ ක්රමය වෙනුවෙන් එක් රෝගියෙක් සදහා වන මුළු පිරිවැය ඊට වඩා වැඩිවන බවත්ය. ඒ අනුව පැහැදිලි කාරණය නම් ඩොලර් 75 ක් වැනි අඩු මුදලකට මෙම සැත්කම සිදුකරගත හැකි බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්ය බවයි. එම කරුණු විමසීමට පිවිසිය හැකියි මෙතනින් මේ අතර අප Fact Crescendo ඉන්දීය කණඩායම තහවුරු කලේ ඉන්දියාව තුල මෙම උපකරණය බහුලව භාවිතා නොවන බවයි. මැලේසියානු වෛද්යවරයෙකුගේ පැහැදිලි කිරීමක්! සමාජ මාධ්ය ඔස්සේ බහුලව හුවමාරු වන මෙම වීඩියෝව ගැන අදහස් දක්වමින් මැලේසියානු හෘද රෝග විශේෂඥයෙකු වන වෛද්ය Yee Kok Meng පවසා සිටින්නේ, මෙය නව සොයා ගැනීමක් නොවන බවත්, විවිධ රටවල මේ ආකාරයේ ක්රම යම්තාක් දුරකට අත්හදා බලා තිබුණ ද, ඒවා සාර්ථක ක්රමයක් ලෙස හඳුන්වා දිය නොහැකි බවයි. එයට හේතු දක්වමින් වෛද්යවරයා පවසන්නේ, හදිසි හෘදයාභාද තත්වයක දී වැනි නව ලේ කැටිති ඉවත් කිරීමට මෙම ක්රමය ඇතැම් විට අනුගමනය කළ හැකි බවයි. එසේ වුවද එවැනි අවස්ථාවක දී පවා, මෙවැනි උපකරණයක් ගමන් කිරීම නිසා, තුවාල වූ රුධිර නාල නැවත පටු වීමේ අවදානමක් තිබෙන බැවින්, Stent (ස්ටෙන්ට්) එකක් යෙදීම අවශ්ය බවයි වෛද්යවරයා පැහැදිලි කර සිටින්නේ. මේ ගැන තවදුරටත් කරුණු දක්වමින් හෘද රෝග විශේෂඥයා පවසන්නේ, මෘදු රුධිර කැටිති මෙම උපකරණය මගින් ඉවත්කළ හැකි විය හැකි වුවද, බොහෝ අවස්ථාවල් දී රෝගීන්ගේ දැකගන්නට ලැබෙන තත්වයන්හි දී ඇත්තේ වඩාත් කාලයක් තිස්සේ වර්ධනය වී තිබෙන, කැල්සිභවනය (calcified) වූ රුධිර කැටි සහිත තත්වයන් බවත්, ඒවා මෙමගින් ඉවත්කල නොහැකි බවයි. ඒ සම්බන්ධ තොරතුරු පවසන වීඩියෝවක් පහතින්. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion අවසාන නිගමනය අප විසින් සිදු කරන ලද කරුණු විමසීම අනුව තහවුරු වන්නේ මෙය ඉන්දීය වෛද්යවරු විසින් අලුතින් සිදුකල නිර්මාණයක් නොව ඇමරිකානු වෛද්යවරයෙක් විසින් 2013 වසරේදී සිදුකරන ලද නිර්මාණයක් වන බවයි. එමෙන්ම මේ මගින් ප්රතිකාර කිරීමේදී එක් වරකට ඩොලර් 1000 කට වඩා වැඩි පිරිවැයක් වැයවන අතර ඩොලර් 75 ක් වැනි සුළු මුදලකින් එය සිදු කල නොහැකි බවයි. එසේම මෙම ක්රමය ඉන්දියාව තුළ ද යොදාගැනෙන ක්රමයක් හෝ නොවේ. හෘද රෝග විශේෂඥයෙකු පවසන්නේ මෙවැනි උපකරණ මගින් මෘදු ලේ කැටිති අයින් කිරීමට යොදාගත හැකි වුවද එවැනි ක්රමයක් දී පවා Stent (ස්ටෙන්ට්) එකක් යෙදීම අවශ්ය බවත්, වැඩිපුර හෘද රෝගීන් ගේ දක්නට ලැබෙන ඝන වූ ලේ කැටිති ඉවත් කිරීමට කිසිවිටෙකත්ම සුදුසු ක්රමයක් නොවන බවයි.
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software