About: http://data.cimple.eu/claim-review/5a215e05bcb96786050590f1d24a80c770baef08ab967f11a57e0e9d     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ඇල්පිටිය ප්රදේශීය සභා ඡන්ද ප්රතිඵල සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන නොමගයවන සුළු සටහන් ! දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇල්පිටිය ප්රදේශීය සභා මැතිවරණය පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වුණා .එම මැතිවරණය ජයගත්තේ ජාතික ජන බලවේගයයි.කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : මැතිවරණයේ ප්රතිඵල ලෙස සටහන් කරමින් බොහෝ සමාජ ජාලා සටහන් පැතිරෙන ආකාරයක් දැකගන්නට ලැබුණා.සමහර සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මන්ත්රී ආසන 17 න් 15 ක් ජාතික ජන බලවේගය ජයග්රහණය කර ඇති බවක්. තවත් සමාජ ජාලා සටහන්වලින් දක්වා තිබුනේ ප්රදේශීය සභාවේ කොට්ඨාශ 17 න් 15 ක් ගෑස් සිලින්ඩරය හෙවත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ නායකත්වය ලබාදෙන පාර්ශ්වය විසින් ජයග්රහණය කර ඇති බවත්. මේ පිලිබදව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check (කරුණු විමර්ශනය කිරීම) : අප විසින් ඇල්පිටිය ප්රදේශීය සභාවේ මෙම මැතිවරණය හා සම්බන්ධ නිල ප්රතිඵල විමසා බැලුවා.ඒ අනුව ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්රතිඵලය අනුව එහි බලය ජාතික ජනබලවේගය හිමි කර ගෙන තිබෙනවා. ඒ, ඡන්ද සංඛ්යාව 17,295ක් සමගින් මන්ත්රී ධුර 15ක් හිමි කර ගනිමිනුයි එමෙන්ම සමගි ජන බලවේගය මන්ත්රී ධුර 06ක් ලබා ගෙන ඇත්තේ ඡන්ද 7,924 සංඛ්යාවක් ලබා ගනිමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ එහිදී මන්ත්රී ධුර 03ක් ලබාගතේ ඡන්ද 3,597 සංඛ්යාවක් හිමි කර ගෙනයි මීට අමතරව ඡන්ද 2,612ක් ලබා ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ මන්ත්රී ධුර 02ක් මෙන්ම ස්වාධින කණ්ඩායම මන්ත්රී ධුර 02ක් ලබා ගෙන තිබෙනවා එහිදී ස්වාධීන කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්යාව 2,568ක් පොදුජන එක්සත් නිදහස් සන්ධානය එක් මන්ත්රී ධුරයක් හිමි කර ගත්තේ ඡන්ද 1,350ක් ලබා ගනිමින් ජාතික ජනතා පක්ෂය ද එක් මන්ත්රී ධුරක් හිමි කර ගෙන තිබෙනවා කෙසේ වෙතත් දෙවන පරපුර ඡන්ද 388ක් සහ ජනසෙත පෙරමුණ ඡන්ද 50ක් ලබා ගත් අතර ඔවුන්ට මන්ත්රී ධුර හිමි වුණේ නැහැ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. ඉහත වාර්තාව අනුව පෙනී යන දෙයක් නම් ඇල්පිටිය ප්රදේශීය සභාවට අයිති කොට්ඨාශ 17 න් 15 ක් ජාතික ජන බලවේගය ජයගෙන ඇති බවයි .ඉතිරි 2 ජයගෙන ඇත්තේ සමගි ජන බලවේගයයි . එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායක රනිල් වික්රමසිංහට සහාය පලකරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එහි ලකුණ වන ගෑස් සිලින්ඩරය ලකුණින් මෙම මැතිවරණයට ඉදිරිපත් වුවේ නැත.එම නිසා ගැස් සිලින්ඩරය කොට්ඨාස/ආසන ජයගත් බවට වන සමාජ ජාලා සටහන් සාවද්යයි. ඇල්පිටිය -පසුබිම පසුබිම: 2018 නාමයෝජනා ප්රතික්ෂේප කිරීම සහ නීතිමය ගැටළු කතාව ආරම්භ වන්නේ 2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ (DUNF) ඉදිරිපත් කළ නාමයෝජනා පත්රය ගාල්ල දිස්ත්රික් තේරීම් භාර නිලධාරීවරයා විසින් ප්රතික්ෂේප වීමත් සමඟය. එම නාමයෝජනා පත්රය අවශ්ය පරිදි පක්ෂයේ බලයලත් නිලධාරියකු විසින් පෞද්ගලිකව ඉදිරිපත් කර නොතිබීම නිසා මෙම ප්රතික්ෂේප වීම සිදු විය. මෙම පසුබෑමට ප්රතිචාර වශයෙන්, DUNF හි අපේක්ෂකයින්, ප්රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් සහ යුක්තිය පතා ශ්රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ශ්රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම නිසා නීතිමය ප්රශ්න විසඳන තෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් විය. ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා වහාම මැතිවරණයක් පවත්වන ලෙස නියෝග කරමින්, මූලික ප්රතික්ෂේප කිරීම අවලංගු කර, කලින් නුසුදුස්සකු වූ නාමයෝජනා පත්ර භාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කිරීමට වසරකට ආසන්න කාලයක් ගත විය. 2019 මැතිවරණයට පසුබිම සකස් වුවේ එලෙසයි . 2019 මැතිවරණ ප්රතිඵල අවසානයේ ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය 2019 දී පවත්වන ලදී . ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) 56.31% ක ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් ජයග්රහණය කරන ලදී . එක්සත් ජාතික පක්ෂය (එජාප) 24.37% ක් ලබා ගත් අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) සහ මහජන විමුක්ති පෙරමුණ (ජවිපෙ) පිළිවෙළින් 12.71% සහ 5.87% ලබා ගත්හ. 2024 මැතිවරණය පැවැත්වීම ප්රමාදයි 2019 නොවැම්බරයේ ආරම්භ වූ ඇල්පිටිය ප්රාදේශීය සභාවේ නිල කාලය දිගින් දිගටම දේශපාලන හා පරිපාලනමය බාධාවන්ට මුහුණ දුන් අතර අවසානයේ 2024 මාර්තු 6 වැනිදා අවසන් විය. ප්රාදේශීය සභා අයවැය අඛණ්ඩව 4 වතාවක් ප්රතික්ෂේප වීම නිසා රජය විශේෂ කොමසාරිස්වරයකු පත් කරන ලදී. පළාත් පාලන පනත යටතේ සභාව. සභා සාමාජිකයින්ගේ නිල කාලය 2024 නොවැම්බර් 4 දක්වා විශේෂ ගැසට් පත්රයක් හරහා දීර්ඝ කරන ලද අතර, මැතිවරණ දිනය තවදුරටත් පසුපසට ගෙනයන ලදී . ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය 2024 ඔක්තෝම්බර් 26 වැනි දින පවත්වන බව ශ්රී ලංකා මැතිවරණ කොමිසම (ECSL) අවසානයේ ප්රකාශ කළේ 2024 අගෝස්තු 26 වන දිනට පසුවය. 2024 මැතිවරණය සඳහා නාමයෝජනා ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා 2024 සැප්තැම්බර් 9 සිට 12 දක්වා විවෘත විය. පිළිගත් දේශපාලන පක්ෂ නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා භාර දුන් නමුත් දෙකක් ප්රතික්ෂේප විය. දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කළ නමුත් ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්රසය ඇප මුදල් තැන්පත් කළද නාමයෝජනා පත්ර භාරදී නැත. මැතිවරණයට තරග කල පක්ෂ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA), සමගි ජන බලවේගය (SJB), ජාතික ජන බලවේගය (NPP) සහ තවත් පක්ෂ වේ. ඒ පිළිබද වැඩිදුර විස්තර මෙතනින් අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion ඇල්පිටිය ප්රදේශීය සභා මැතිවරණය ජයග්රහණය කරන ලද්දේ ජාතික ජන බලවේගයයි.කෙසේ නමුත් ඔවුන්ට ප්රදේශීය සභා මන්ත්රීධුර හෝ ආසන හිමිවුවේ 15 කි.අනෙත් පක්ෂ අතරත් ආසන 15 ක් බෙදීයන ලදී .
schema:mentions
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 5 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software