About: http://data.cimple.eu/claim-review/5e3315b43152216442ef873ab676deea6c09e2eac59bf6603a7d4be6     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • මැතිවරණ ප්රතිඵල ප්රචාරණය අතරතුර තිබූ ගිනි තැබීමක් ලෙසට වාර්තා වෙන්නේ පැරණි වීඩියෝවක්! දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ප්රතිඵල නිකුත් කෙරන අතරතුර, රටේ ඇඳිරිනීතිය ද බලපවත්වෙද්දී ත් ගිනි තැබීමක් වාර්තා වන බවත්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක සත්යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්ය සටහන් : ප්රතිඵල නිකුත්වෙමින් තිබෙන පසුබිමේ දැනටමත්රටේ භීෂණය පටන් අරගෙන ඇති බව හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්. Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) : මෙම වීඩියෝව අද(22) දිනයේදී සිදු වූවාද යන්න පරීක්ෂා කිරීම සඳහා අප මෙම වීඩියෝව Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝව මේ වසරේ මාර්තු 24 වන දා වැල්ලවත්ත ‘නොලිමිට්’ නිමි ඇඳුම් අලෙවිසැලේ ඇති වූ ගින්නක් බවයි. ඒ බවට ප්රධාන මාධ්ය ධාරාවක් විසින් පළ කළ පුවතක් පහතින්. තවත් වීඩියෝවක් මෙතනින්. ගින්නෙන් තෙමහල් ගොඩනැගිල්ලේ දෙවැනි සහ තුන්වැනි මහල් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. ඒ අනුව පැහැදිලි වන්නේ, අද ඇති වූ ගිනි තැබීමක් ලෙසට පෙන්වා දීමට උත්සහ කර තිබුණේ 2024 මාර්තු මස දී ඇති වූ ගිනි ගැනීමක් බවයි. කෙසේ වෙතත් අප අද(22) දිනයේ ගිනි තැබීම් වාර්තා වී ඇත්දයි යන්න පොලිස් මාධ්ය කොට්ඨාශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, කිසිදු ගිනි තැබීමක් වාර්තා නොවූ බවයි. එමෙන් ම මැතිවරණ ප්රචණ්ඩ ක්රියා නිරීක්ෂණ මධ්යස්ථානයෙන් (CMEV) ද, අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ, මෙය අසත්ය තොරතුරක් බවත්, ගිනි තැබීම් වාර්තා වී නොමැති බවයි. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software