About: http://data.cimple.eu/claim-review/67af6cfc4cbac2bcb9c259ba2d414a2af590a50e542e86efa7983480     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති රනිල් වික්රමසිංහ ද? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණ නිම වී සතියක පමණ කාලයක් ආසන්න වූවත්, මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්රධාන අපේක්ෂකයින්ගේ පාක්ෂිකයින් අතර තරඟය තවමත් සමාජ මාධ්ය හරහා දැක ගන්නට ලැබෙනවා. එහි ප්රතිඵලයක් ලෙස අසත්ය හෝ නොමග යවන සුළු සටහන් තවම ත් ප්රචාරය වනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්යතාව සොයා Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්ය සටහන් : “හිටපු ජනපති ආසියානු සංවර්ධන බැංකුවේ මුල් පුටුවට, හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා ලබන වසරේ මුල් කාර්තුවේදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ලෙස බාරගැනීම සඳහා පිටත්ව යනු ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වුණා. මෙම සටහන් WhatsApp ඔස්සේ ද, බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්. Tiktok ඔස්සේ මෙම වීඩියෝව සංසරණය වී තිබුණේ මේ අයුරින්. මේ පිළිබඳව අද (27) දිනයේ අරුණ පුවත් පත ද, වාර්තා කර තිබුණා. මෙහි නිරවද්යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්. Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) : හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ලෙස පත් වී තිබුණා ද, යන්න අප මෙරට ප්රධාන මාධ්ය ධාරා මෙන් ම ජාත්යන්තර මාධ්ය වාර්තා ඔස්සේ ද, පරීක්ෂා කළ ත්, අපට එවැනි පුවතක් වාර්තා වී ඇති බව ට දැක ගන්නට නොලැබුණි. ඉන් අනතුරුව අප ආසියානු සංවර්ධන බැංකුවේ, නිල වෙබ් අඩවිය හරහා කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලය විසින් බැංකුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ තරඟය මේ වන විට ආරම්භ කර ඇති බවයි. මේ තරඟය සඳහා සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 23 දක්වා නාමයෝජනා භාර දීමට ADB ආණ්ඩුකාරවරුන්ට ආරාධනා කර ඇති අතර විද්යුත් ඡන්ද ක්රමයක් භාවිතා කරමින් මැතිවරණය ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම සභාපතිවරයා සඳහා තරඟ වදින තරඟකරුවන්ගේ නාමයෝජනා භාර ගැනිම මේ වන විට ආරම්භ කර ඇති වූවත් සභාපති වරයා තේරීමේ මැතිවරණය මෙතෙක් පවත්වා නොමැති බවයි. මෙම තරඟය සඳහා ඉදිරිපත් වන ADB ආණ්ඩුකාරවරුන් අතරින් තේරි පත් වන සභාපති වරයා දැනුම් දීම සිදු කරන්නේ නොවැම්බර් 28 වන දා එනම්, එම ඡන්ද විමසීමේ, ප්රතිඵලය නිවේදනය කරනු ලබන්නේ නොවැම්බර් 28 වන දායි. ඒ බවට එම වෙබ් අඩවියේ පළ වී තිබුණේ මෙලෙසින්. එමෙන් ම වර්තමාන ADB පාලක මණ්ඩලයේ සභාපති වරයා වන්නේ, Fabio Panetta වේ. ADB පාලක මණ්ඩලයේ ශ්රී ලංකාව ද, සාමාජිකත්වය දරන අතර මෙරට ආණ්ඩුකාර වනුයේ, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වේ. එමෙන් ම විකල්ප ආණ්ඩුකාර වනුයේ, කේ එම් මහින්ද සිරිවර්ධන මහතායි. ආසියානු සංවර්ධන බැංකුව : ආසියානු සංවර්ධන බැංකුවේ, ශ්රී ලංකා නේවාසික දූත මණ්ඩලය, ජ්යෙෂ්ඨ සන්නිවේදන නිලධාරි රොෂානි යෝගරාජාගෙන් අප මේ පිළිබඳ විද්යුත් ලිපියක් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, මේ වනවිට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සඳහා තරඟයේ නාමයෝජනා භාර ගැනීම සිදු වන බව ත්, මැතිවරණය ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 27 දක්වා පැවැත්වෙන අතර අධ්යක්ෂ මණ්ඩලයේ ඡන්ද සටහන් කිරීමෙන් පසු මැතිවරණයේ ප්රතිඵලය ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි. කෙසේ වෙතත් රනිල් වික්රමසිංහ මහතා මේ තරඟය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇත්ද යන්න පිළිබඳ අප විමසීමක් කළ අතර, ඊට ලැබෙන පිළිබඳ සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. හිටපු ජනාධිපති මාධ්ය අංශය : ජාත්යන්තර කටයුතු පිළිබඳ හිටපු ජනාධිපති මාධ්ය අධ්යක්ෂ දිනුක් කොළඹගේගෙන් අප ඉහත සටහන් වල නිරවද්යතාව විමසූ අතර ඔහු සඳහන් කළේ, රනිල් වික්රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ලෙස තේරීපත් වූ බවට පළ වන සටහන් අසත්ය බවයි. එමෙන් ම වික්රමසිංහ මහතා විසින් මෙහි සභාපතිත්වය සඳහා තරඟ වදිනවාද යන්න පිළිබඳ අප කළ විමසීමේදීද, ඔහු පවසනු ලැබුවේ. වික්රමසිංහ මහතා මෙම ධුරය සඳහා තරඟ නොවදින බවයි. ADB ප්රඥප්තියේ 34 වැනි වගන්තිය ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේදී, ADB සාමාජිකයින්ගේ මුළු ඡන්ද බලයෙන් බහුතරයක් නියෝජනය කළ යුතු මුළු ආණ්ඩුකාරවරුන් සංඛ්යාවෙන් බහුතරයක් අවශ්ය වේ. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්. ආසියානු සංවර්ධන බැංකුව යනු : ආසියානු සංවර්ධන බැංකුව (ADB)යනු බහුපාර්ශවික සංවර්ධන මූල්ය ආයතනයකි. එහි දර්ශනය වනුයේ දිළිඳුකම තුරන් වූ ආසියාතික හා ශාන්තිකර කලාපයකි. දියුණු වෙමින් පවත්නා ස්වකීය සාමාජික රටවලට අයත් ආණණ්ඩුවලට හා පෞද්ගලික ව්යවසායන් වෙත ණය, ශිල්පීය ආධාර, ප්රදාන, කොටස් ආයෝජන හා ඇප සලසා දීම මගින් පුළුල් සංවර්ධන ක්රියාකාරකම් මාලාවක් ඔස්සේ ආසියානු සංවර්ධන බැංකුව කලාපයෙහි ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම පිණිස අනුබල සලසයි. Updated ආසියානු සංවර්ධන බැංකුවේ අද(27) වන දිනයේ සවස ශ්රී ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නම ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව මෙම බැංකුවේ සභාපති තනතුර සඳහා මැතිවරණයේ තරඟ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට නොහැකි වනවා. අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ, සභාපති ලෙස තේරි පත් වී ඇති බවට පළවන සමාජ මාධ්ය සටහන් අසත්ය බවයි. මේ වන විට එම සභාපතිවරයා තේරීමේ තරඟයේ නාමයෝජනා භාර ගැනීම සිදුවන අතර එම තරඟය සඳහා එම සංවර්ධන බැංකුවේ ආණ්ඩුකාරවරුන් අතරින් සභාපති තෝරා පත් කර ගනී. එම ඡන්ද ලබා දීම සිදු කිරීමට නියමිත වන්නේ, ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 27 දක්වා කාලයයි. ඒ අනුව මෙතෙක් නව සභාපති වරයා තෝරා පත් කර ගෙන නොමැත. නමුත් මෙහි ශ්රී ලංකාවේ වර්තමාන ආණ්ඩුකාරවරයා වන්නේ රනිල් වික්රමසිංහ මහතා වේ.
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software