schema:text
| - ආරුගම්බේ ඇතිවිය හැකි බව කියන ප්රහාරය අලලා නොමග යන සුළු සටහන් පෙළක්!
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන සිදුවීමක් ඊයේ දිනයේ (23) වාර්තා වීමත් සමඟ යම් කලබලකාරී වාතාවරණයක් රට තුළ නිර්මාණය වුණා. ඒ මෙරට නැගෙනහිර කලාපයේ ජනප්රිය මර්මස්ථානයක් වන ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් ප්රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟයි.
මෙම නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මෙරට ප්රධාන මාධ්ය මෙන් ම සමාජ මාධ්ය තුළ ද මෙම ප්රහාරය සම්බන්ධව තොරතුරු වාර්තා කිරීම් සිදුකරනු ලැබුවා. මේ අතර ජනතාව නොමග යන සුළු අන්දමින් තොරතුරු වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.
සමාජ මාධ්ය සටහන් (Social Media Post):
Claim 1 :
මෙම සිදුවීම අලලා ඊශ්රායලයට සහය දක්වමින් මෙරට මඩකලපුව ප්රදේශයේ වැසියන් ඊශ්රායල් කොඩි රැගෙන පෙළපාලියක ගමන් ගන්නා ආකාරයක වීඩියෝවක් ද සමාජ මාධ්ය තුළ සංසරණය වූ අතර WhatsApp හරහා ද එම වීඩියෝව සංසරණය වූවා.
Claim 2 :
මෙම සිදුවීමට අදාළව සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගැණුනු අතර මෙරට ප්රධාන මාධ්ය ධාරාවක් වන දෙරණ මාධ්ය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, මෙම ප්රහාරය සැලසුම් කිරීම සඳහා මෙරට පුද්ගලයින් දෙදෙනෙක් යොදවා ඇති බව ත්, යාපනය සහ කොළඹ ප්රදේශවල වාසය කරන මොවුන්ට මෙම ප්රහාරය සැලසුම් කිරීමට එක් අයෙකුට ලක්ෂ 50 බැගින් ලබාදී ඇති බව ද ඉන්දීය බුද්ධි අංශ හෙළි කර ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධව විවිධ මත සමාජ මාධ්ය තුළ පළ වූ බැවින් ඒ පිළිබඳ සත්ය තොරතුරු විමසා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
Claim 1 : 2015 වීඩියෝවක්
ඉහත සමාජ මාධ්ය ඔස්සේ පළ වී තිබූ වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අපට දැකගත හැකි වූයේ මෙම වීඩියෝව 2015 වසරේ මැයි 2 වන දින ශ්රී ලංකාවේ මඩකලපුව ප්රදේශයේ “ Word of Power Messian” නම් ආගමික කණ්ඩායමක් විසින් ඊශ්රායලය වෙත සිය සහය පළ කරමින් පැවැත් වූ පෙළපාළියක අවස්ථාවක් බවයි. එම අවදියේ ඊශ්රායලය සහ පලස්තීනුවන් අතර ජෙරුසලමේ පූජනීය ස්ථානයක් අරඹා ගැටුම් වර්ධනය වී තිබූ වකවාණුවකි. එම වීඩියෝව පහතින්.
එමෙන් ම ඊයේ(23) සහ අද(24) යන දෙදින ඊශ්රායලට සහය පළ කරමින් මෙවැනි පෙළ පාලියක් පැවැත් වූයේ ද, යන්න අප මඩකලපුවේ වෙසෙන ප්රාදේශීය වාර්තා කරුවන්ගෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ඉහත වීඩියෝව පැරණි වීඩියෝවක් බව ත්, ඊශ්රායලයට සහය පළ කරමින් මෙවැනි පෙළපාලියක් මෑතකදී හෝ ඊයේ(23) සහ අද(24) යන දෙදින පවත්වා නැති බවයි.
Claim 2 : ඉන්දියාවේ බුද්ධි අංශයෙන් වාර්තාවක් හෙළි කර නැහැ
මෙරට සිටින ඊශ්රායල් ජාතිකයින්ට ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන්දීය බුද්ධි අංශ විසින් සැකකරුවන් සම්බන්ධ සියලු තොරතුරු සහ ප්රහාරය සම්බන්ධ අනතුරු ඇඟවීම් මෙරටට සිදු කළ බව ට, මේ සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයක් සිදු කළ වැඩ බලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා හෝ පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා විසින් මාධ්ය වෙත අදහස් පළ කළ බවට දැක ගන්නට නොලැබුණි.
මහජන ආරක්ෂක අමාත්ය විජිත හේරත් මහතාගෙන් අද (24) පැවති විශේෂ මාධ්ය හමුවේදී මේ සම්බන්ධයෙන් මාධ්ය වේදියෙකු ප්රශ්න කළ අතර අමාත්යවරයා සඳහන් කළේ, ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ වෙත පැවසුවා යැයි පැවසෙන සැකකරුවන් ගැන පුවත් වාර්තා කිරීම් සම්පූර්ණයෙන් ම අසත්ය බවයි. එලෙස මෙම සැලසුම දියත් කිරීමට මෙරට පුද්ගලයින්ට ලක්ෂ 50 බැගින් දී ඇතැයි කියන මුදල් ප්රමාණයන්ගේ ද කිසිඳු සත්යතාවයක් නොමැති බවත්, ඒ මහතා පෙන්වා දුන්නා.
ආරුගම්බේ ප්රහාරයකට සැලසුමක අනාවරණය
කොළඹ සිට කිලෝමීටර් 412ක දුරින් නැගෙනහිර පළාතේ පිහිටා ඇති ආරුගම්බේ සහ පොතුවිල් ප්රදේශ දේශීය මෙන් ම විදේශීය සංචාරකයින්ගේ ඉහළ ආකර්ශණයක් දිනාගත් සංචාරක ප්රදේශ බවට පත්ව ඇත්තෙ ආකර්ශණීය මුහුදු තීරය සහ ඒ ආශ්රිතව සර්ෆින් ක්රීඩාව ප්රචලිත වී ඇති බැවිනි.
එබැවීන් බොහෝ විදේශකයින් ශ්රී ලංකාවේ සංචාරය කිරීමේදී ආරුගම්බේ ප්රදේශය ඔවුන්ගේ සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. සර්ෆින් ක්රීඩාව ප්රචලිත මෙම ප්රදේශයේ ඊශ්රායල ජාතිකයින් වැඩි වශයෙන් ගැවසෙනවා.
ඇමරිකානු තානාපති කාර්යාලය ඊයේ(23) දිනයේ මෙම සංචාරක මර්මස්ථානය කේන්ද්ර කරගනිමින් ප්රහාරයක් එල්ලවන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා. Archived Link
එහි දැක්වුණේ මෙම බරපතල අවදානම හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට සහ තානාපති කාර්යාල නිලධාරීන්ට නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි. කිසියම් සැක කටයුතු ක්රියාකාරකමක් හෝ හදිසි අවස්ථාවක් ඇතොත් 119 ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස එම නිවේදනයෙන් දක්වා තිබුණා.
සැමවිටම සුපරික්ෂාකාරීව සිටින ලෙසත් වටපිටාව පිළිබඳ දැනුවත්වන ලෙස මෙන් ම එම ප්රදේශයේ විශ්වාසදායක හැඟීමක් නොමැතිනම් වහාම ඉවත්වන ලෙස උපදෙස් ලබාදී තිබුණා. තවද ජංගම දුරකතනයක් වැනි සන්නිවේදන උපකරණයක් ළඟ තබාගන්නා ලෙසත් නිරන්තරයෙන් දේශීය මාධ්ය සහ ප්රවෘත්ති නිවේදන සම්බන්ධයෙන් දැනුවත්වන ලෙසත් අමෙරිකානු තානාපති කාර්යාලය සිය නිවේදනයෙන් උපදෙස් ලබාදී තිබුණා.
අමෙරිකානු තානාපති කාර්යාලයේ අනතුරු ඇඟවීමේ නිවේදනයෙන් පසු ඊශ්රායල ජාතික ආරක්ෂක කවුන්සලය ද මෙරට සංචාරය කරනු ලබන ඊශ්රායල ජාතිකයින් වෙත උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබුවා.
එම නිවේදනයේ සඳහන් වුණේ මෙරට ආරුගම්බේ වෙරළ තීරයේ මෙන් ම දකුණු සහ බටහිර ප්රදේශවලට අයත් අහංගම, ගාල්ල, හික්කඩුව, වැලිගම යන නගරවලට අදාඛව අනතුරු ඇඟවීම් 4 වැනි මට්ටම දක්වා ඉහළ දමා ඇති බවයි. එම නිසා වහාම එම ප්රදේශවලින් ඊශ්රායල ජාතිකයින්ට පිටවන ලෙස එහි දක්වා තිබුණා.
එමෙන් ම මෙරට සෙසු සියලු ප්රදේශ සඳහා 3න්වන මට්ටමේ අනතුරු ඇඟවීමක් කර ඇති අතර ශ්රී ලංකාවට පැමිණීමට නියමිත හෝ බලාපොරොත්තිවෙන් සිටින ඊශ්රායල ජාතිකයින්ට ද සිය සංචාරය හැකිනම් කල් දමන ලෙස උපදෙස් දී තිබුණ අතර ම ශ්රී ලංකාවට පැමිණෙන ඊශ්රායල් ජාතිකයින්ට 4 වන මට්ටමේ අනතුරු ඇඟවීමක් සහිත ප්රදේශවල සංචාරය නොකරන ලෙස දන්වා තුබුණා. විශේෂයෙන් ශ්රී ලංකාවේ රැඳී සිටින ඊශ්රායල් ජාතිකයින්ට හීබෲ සම්භවයක් පෙන්නුම් කරන ඇදුම් හෝ ආගමික සංකේත ප්රදර්ශනය කිරීමෙන් වලකින ලෙසත් ආරක්ෂිත නොවන ලෙසත් දන්වා තිබුණා.
අනතුරුව ශ්රී ලංකා පොලීසිය ද මෙරට සිටින විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මෙලෙස ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ්රී ලංකා පොලීසිය නිකුත් කළ නිවේදනය පදනම් කර ගනිමින් රටවල් කිහිපයක් ශ්රී ලංකාවේ සංචාරය සඳහා උපදෙස් ලබාදීම් සිදුකරමින් නිවේදන නිකුත් කරනු ලැබුවා ඒ අනුව, එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්රේලියාව, කැනඩාව, රුසියාව මෙලෙස සිය රටවල සංචාරකයින් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.
නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ඊයේ(23) විශේෂ මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් මෙරට සිටිනා ඊශ්රයල් ජාතිකයින් පිළිබඳ සඳහන් කරනු ලැබූ අතර එම මහතා පැසුවේ, ආරුගම්බේ ප්රදේශයේ පිහිටි ඊශ්රායල් ජාතිකයින් රැඳී සිටින ගොඩනැගිල්ලක් ඇති බවත් එහි වෙසෙන පිරිසට යම් ප්රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ප්රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා පැවසුවේ ඊශ්රායල් ජාතිකයින්ගේ ගොඩනැඟිල්ලක් ආරුගම්බේ ප්රදේශයේ ඇති බවයි. නමුත් ඊශ්රායල් ජාතිකයින් ආකර්ශණය ආරුගම්බේ ප්රදේශයට ඇති බැවින් එහි සර්ෆින් ක්රීඩාවේ නිරතවීම නිසා එවන් ස්ථානයක් ඒ අවට ඇති බවයි.
එම මහතාගේ ප්රකාශය පහතින්
මේ අතර ඊශ්රායල ජාතිකයින්ට හදිසි අවශ්යතාවකදී දැනුම් දීම සඳහා දුරකතන අංකයක් පොලිස් මාධ්ය කොට්ඨාශය විසින් ලබා දී තිබේ.
සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්ය පොලිස්පති දමයන්ත විජය ශ්රී 071-8592651
රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය
මහජන ආරක්ෂක අමාත්ය විජිත හේරත් මහතා අද (24) පැවති මාධ්ය හමුවේදී සඳහන් කළේ, මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණයත් සමඟ මෙරට විදේශිකයින් ඉලක්ක කරගනිමින් සැලසුම් කළ ප්රහාරයක් පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ විදේශිකයින් බහුලව සංචාරය කරන ආරුගම්මේ, ඇල්ල, අහුංගම වැනි ප්රදේශ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බවයි. ආරක්ෂක මණ්ඩල තුළ මේ පිළිබඳව සාකච්ඡා කරමින් බුද්ධි අංශ සහ ආරක්ෂ අංශ සමඟ මේ වෙනුවෙන් සූදානම් වූ බවත් බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව මේ වන විට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබවත් එම මහතා පැවසුවා.
විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය මඟින් ශක්තිමත් ආරක්ෂාවක් මේ වන විට ක්රියාත්මක වන බව විජිත හේරත් මහතා පවසනවා. විදේශ බුද්ධි අංශ තොරතුරු අනුව ජනාධිතුමා, පොලිස්පති තුමා, අගමැතිණිය ඇතුළුව පරීක්ෂණ කරන නිලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා.
සුළු ඊශ්රායල ජාතිකයින් මෙරට සිටින බවත්, ඔවුන් මෙම මාසයේ ඔවුන්ගේ ආගමික කටයුතු වල නිරත වන බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් මෙම ප්රහාරය සැලසුම් කළ බවට ලැබුණු තොරතුරු අනුව විදේශිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කර තිබෙන බව එම මහතා වැඩුදුරටත් පවසා සිටියා. එම නිසා නිදහසේ සංචාරකයින්ට මෙරට සංචාරක කටයුතුවල නිරත විය හැකි බව එතුමා පෙන්වාදෙනවා. ශ්රී ලාංකිකයින්ට ද ඉන් බලපෑමක් නොවන අතර අනවශ්ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසයි මහජන ආරක්ෂක අමාත්යවරයා පෙන්වාදෙන්නේ.
මෙරට සිටින ඊශ්රයල ජාතිකයින් ස්ථිරව ඔවුන්ගේ මධ්යස්ථාන පවත්වාගෙන නොයන නමුත් ඔවුන්ගේ ආගමික කාලවකවානුවලදී එනම් ඔක්තෝම්බර් මාසයේදී යම් ආගමික වැඩසටහන් පවත්වන බවයි. එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ආරුගම්බේ ස්ථානය ද එවන් ස්ථානයක් බවයි එම මහතා පෙන්වාදෙන්නේ.ඔහු වැඩිදුරටත් පවසන්නේ ඔවුන් එම අවස්ථාවන්වලදී රැස් වී නැවත විසිරී යන බවයි. එය තාවකාලික තත්වයක් බවයි ඔහු පෙන්වාදෙන්නේ. එම සම්පූර්ණ මාධ්ය සාකච්ඡාව මෙතනින්.
ආරුගම්බේ ප්රදේශයේ ඊශ්රායල් ජාතිකයින්ගේ ක්රියාකාරීත්වය ගැන සමාජ මාධ්යවල කතාබහ
සමකාලීනව ලෝකයේ මේ වනවිට ඊශ්රායල් සහ පලස්තීන ගැටුම් ඇතිවන බව අප දන්නවා. මෙම ගෝලීය ගැටුම් සෘජුවම නොවුණත් වක්රාකාරයෙන් ආර්ථික, සමාජ, දේශපාලනික වශයෙන් ලෝකයේ රටවල් සඳහා බලපානු ලබනවා. එවන් තත්වයන් අප රුසියානු යුක්රේන යුද්ධය අවදියේ ද මෑත කාලීනව අත්විඳිනු ලැබුවා.
ඊශ්රායල පලස්තීන ගැටුම් පවතින වාතාවරණයකදී ඊයේ (23) දිනයේ ඇති වූ මෙම තත්වයත් සමඟ මෙරට සිටින ඊශ්රායල් ජාතිකයින් පිළිබඳව සමාජ මාධ්ය තුළ විවිධ අදහස් පළ කර තිබුණා. එම සටහන් අප මෙම ලිපියේ ඉහත දක්වා තිබෙනවා. ඇතැම් පරිශීලකයින් සඳහන් කර ඇත්තේ, ආරුගම්බේ ප්රදේශය කිසිවෙකුගේ අවධානයට හසු නොවී ඊශ්රායල් ජාතිකයින් සිය ආධිපත්යයට නතු කරගෙන සිටින බව ය.
මේ අතර, ඊශ්රායල් ජාතිකයින් විසින් ආරුගම්බේ ප්රදේශයේ පවත්වාගෙන යනු ලබන බව කියන ව්යාපාර ගැන ද සමාජ මාධ්ය ක්රියාකාරිකයෙකු සිය X ගිණුමේ අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.
එමෙන් ම යුදෙව් ජාතිකයෙක් වන MARCO CARMEL විසින් අධ්යක්ෂණය කරපු මෙරට ආරුගම්බේ සර්ෆින් සඳහා සංචාරයට පැමිණෙන ඊශ්රයාල ජාතිකයෙක් තිදෙනෙකු වටා ගෙතුණු චිත්රපටයක පූර්ව ප්රචාරක පටයක් සම්බන්ධයෙන් ද, සමාජ මාධ්ය ඔස්සේ කතා බහකට ලක් වෙලා තිබුණේ, මෙලෙසින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
|