About: http://data.cimple.eu/claim-review/994ea936c26cb95b5ff29f64f9916329f28cda6b8592bbf7eaaec797     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ජනාධිපතිවරණයක දී දෙවන, තෙවන මනාප හරියටම දාන්නේ කොහොමද? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණ මැතිවරණයේදී දෙවන, තෙවන මනාප පළ කරන අන්දම නොමග යන සුළු අන්දමින් පළ කරමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. සමාජ මාධ්ය සටහන් : ඇතැම් සටහන් මඟින් පෙන්වීමට උත්සහ දරා තිබුනේ, ඡන්දය ලබාදීම සඳහා කතිරය භාවිතා කළ නොහැකි බවක්. නමුත් ඉහත සඳහන් සියලුම ක්රම වලංගු ලෙස ඡන්දය ප්රකාශ කිරීමේ ක්රම නොවන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටිනවා. ජනාධිපතිවරණයක දී නිවැරදිව ඔබගේ ඡන්දය පළ කරන්නේ කොහොමද? වෙනත් මැතිවරණයක දී මෙන්ම ඔබට මෙම ජනාධිපතිවරණයේ දී ද යම්කිසි අපේක්ෂකයෙකුට (එක් අයෙකුට පමණක්) ඡන්දය භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් කතිරය අදාළ ලකුණ ඉදිරියේ සලකුණු කිරීමේ හැකියාව පවතිනවා. මේ කරුණ පිළිබඳව අප මීට පෙර ද කරුණු පැහැදිලි කර අයුරු පහතින්. ඡන්ද පත්රිකාවේ කතිරය ලකුණු කරන්න බැරිද? එහෙත් ඔබ එක් අපේක්ෂකයෙකු ට වැඩියෙන් ඡන්දය ලබා දීමට අදහස් කරන්නේ නම් කතිරය භාවිතා කිරීම වලංගු ක්රමයක් වන්නේ නැහැ. එනම් කතිරය සමඟ කිසිඳු හෝ තවත් ලකුණක් යොදන්නේ නම්, එය අවලංගු වන ඡන්දයක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිසා අපි නිවැරදිව දෙවන සහ තෙවන මානප සලකුණු කරන හැටි බලමු. ඔබ ඡන්දය ලබා දෙන්නේ එක් අපේක්ෂකයෙකුට විතරයි නම් ඒ අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ කතිර (X) සලකුණ ලකුණු කරන්න ඕනා. එය ප්රමාණවත්. ඒවගේම ඔබ කැමති නම්, ඔබගේ මනාපය අපේක්ෂකයින් දෙන්නෙකුට හෝ තුන්දෙනෙකුට ලබා දෙන්නත් පුළුවන්. දෙදෙනෙකුට පමණක් ඡන්දය ලබා දෙන්නේ නම්, ඔබගේ කැමැත්තේ පිළිවෙලට, ඒ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1 සහ 2 යනුවෙන් සටහන් කරන්න ඕනා. තුන්දෙනෙකුට ඡන්දය ලබා දීමට අදහස් කරනවා නම්, ඒ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් ඔයාගේ පළවෙනි මනාපය, දෙවෙනි මනාපන සහ තුන්වෙනි මනාපය 1, 2, 3 ලෙස සටහන් කරන්න ඕනා, එතකොට තමයි ඔයාගේ මනාපය වලංගු වෙන්නේ. නමුත් එක්කෙනෙක්ට වැඩි ඔයාගේ මනාප, කතිර ලකුණු (X) වලින් ඒ අපෙක්ෂකයින් තුන්දෙනාටම සටහන් කරොත් කොටින් ම ඔයාගේ ඡන්ද පත්රිකාවේ කතිර ලකුණු (X) එකකට වැඩියෙන් සටහන් කළොත් ඔබගේ ඡන්දය අවලංගු ඡන්දයක් වෙනවා. ඡන්ද පත්රිකාවේ කතිර ලකුණ සටහන් කර දෙවෙනි සහ තුන්වෙනි මනාප සඳහා ඉලක්කම් සටහන් කරත්, ඔබගේ ඡන්ද අවලංගු ඡන්ද වලට තමයි වැටෙන්නේ. ඡන්ද පත්රිකාවේ පළමු අපේක්ෂකයාට 1 ලකුණ සදහන් කර අනෙකුත් අපේක්ෂකයින් සඳහා කතිර ලකුණු යෙදුවත් ඒත් ඔයාගේ ඡන්දය අවලංගුයි. මේ පිලිබඳ මැතිවරණ කොමිෂමේ සභාපති සිදුකළ පැහැදිලි කිරීම පහතින්. ඔහු ද පැහැදිලි කර සිටින්නේ ජනාධිපතිවරයා තෝරාගැනීම පිලිබඳ මැතිවරණ පනතේ ඉලක්කම් යොදාගැනීම පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, ඉහත පදිරි ඉලක්කම් 1, 2 සහ 3 යොදා ගනිමින් ඡන්දය භාවිතා කල හැකි අතර ඊට අමතර කතිරය (X) ලකුණ එක වරක් පමණක් යොදා ගත හැකි බවයි. එම වීඩියෝව පහතින්. ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය භාවිතා කිරීම පිළිබඳව සහ ඡන්දය අවලංගු විය හැකි අවස්ථා පැහැදිලි කරමින්, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබු නිල නිවේදනය මෙතනින්. දෙවන සහ තෙවන මනාපය මෙවර ජනාධිපතිවරණයේ දී අවශ්ය වේවි ද ? මෙතෙක් ලංකාවේ පැවති ජනාධිපතිවරණ ඉතිහාසයේ දෙවන සහ තෙවන මනාප ගණනය කිරීමක් අවශ්ය වී නැහැ. ඒ කියන්නේ මීට පෙර පැවති සෑම මැතිවරණයක දී ම පළමු වටයේ ඡන්දය ගණනය කිරීමෙන් පසුව, 50% වට වඩා වැඩි ඡන්ද ලබාගත් අපේක්ෂකයෙකු සිටියා. කෙසේවෙතත්, අපේක්ෂකයින් 38 සමගින්, ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය ගැන අදහස් දක්වන ඇතැම් විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙවර මැතිවරණයේ දී ප්රධාන අපේක්ෂකයින් කිහිප දෙනෙකු අතර තියුණු තරගයක් දැකගැනීමට හැකි වනු ඇති බවටයි. ඒ අනුව, ප්රධාන අපේක්ෂකයින් අතරින් කිසිවෙකුට හෝ ප්රකාශිත වලංගු ඡන්ද සංඛ්යාවෙන් හරි අඩක්, නැතහොත් 50% ක් ලබාගැනීමට අපොහොසත් වුවහොත්, ජනාධිපතිවරණයේ ජයග්රාහකයා තේරීමට, දෙවන හා තුන්වන මනාප ගණන් කිරීම හෙවත් ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ ‘දෙවන වටය‘ අනුගමනය කළ යුතු වෙයි. විශේෂයෙන්ම සැලකිය යුතු ඡන්ද සංඛ්යාවක් ලබාගත හැකි ප්රබල අපේක්ෂකයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු තරඟ කරන අවස්ථාවක, මේ ආකාරයෙන් ‘දෙවන වටය‘ වෙත යාමට ඇති සම්භාවිතාව ඉහළ යනු ලබයි. මෙය නැවත ඡන්ද විමසීමක් නොව, ප්රධාන අපේක්ෂකයින් දෙදෙනාට මනාම ලබාදුන් ඡන්ද දායකයින් හැරුණු විට, සෙසු අපේක්ෂකයින් ද ඡන්දය ලබාදුන් පිරිසගේ, දෙවන හා තෙවන මනාප ගණන් කිරීමකි. පළමු වටයේදී 50% ට ආසන්න ඡන්ද ප්රමාණයක් ලබාගෙන, එක් අපේක්ෂකයෙකු සෙසු අපේක්ෂකයින්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්රතිශතයකින් ඉදිරියෙන් සිටින්නේ නම්, දෙවන මනාපය ගණනය කළ ද, බොහෝ දුරට එම අපේක්ෂකයාට ම ජයග්රහණය කිරීමේ කිරීමට වැඩි ඉඩක් පවතිනවා. කෙසේ වෙතත්, අපේක්ෂකයින් දෙදෙනෙකු එක ළඟ ඡන්ද ප්රතිශත පළමු වටයේදී ලබාගෙන තිබුනේ නම් (උදා 38% සහ 40%) මෙවැනි අවස්තාවක දී සෙසු 22%ක ඡන්ද දාකයින්ගේ දෙවන සහ තෙවන මානප ඔස්සේ සිදුකරන ගණනය කිරීම තීරණාත්මක වෙනු ඇති.
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 3 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software