About: http://data.cimple.eu/claim-review/ccdde8b802659503f3459068929d69d9daf6eeef40637ace72061a2f     Goto   Sponge   NotDistinct   Permalink

An Entity of Type : schema:ClaimReview, within Data Space : data.cimple.eu associated with source document(s)

AttributesValues
rdf:type
http://data.cimple...lizedReviewRating
schema:url
schema:text
  • ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්රතිශතයක් ලබමින් අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ද? දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ පළුම වටයෙන් 50.30% ලබා ගනිමින් ජාති ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්රහණය කළ බවට පළ වන සමාජ මාධ්ය සටහන් වල සත්ය තොරතුරු සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්ය සටහන් : ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්රතිශතයක් ලඅනුර කුමාර දිසානායක මහතා ජයග්රහණය කළ බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් පළ වී තිබුණා. ෆේස්බුක් ඔස්සේ පළ වූ සටහන පහතින්. මෙහි නිරවද්යතාව සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්. Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) : 2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක්ට 50% ක් ලබා නොමැති බැවින් තමන් වෙත පැවරී ඇති බලතල අනුව දෙවන මනාප ගණන් කිරීමක් සිදු කරන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් පැවසුවා. ඒ අනුව, වැඩිම ප්රකාශිත ඡන්ද සංඛ්යාවක් ලබාගත් අනුර කුමාර දිසානායකගේ දෙවනියට වැඩිම ඡන්ද සංඛ්යාවක් ලබාගත් සජිත් ප්රේමදාස හැර සෙසු අපේක්ෂකයන් මැතිවරණ තරඟයෙන් ඉවත් කරන බව ඉහත මාධ්ය හමුවේදී නිවේදනය කර සිටී. ගණනය කිරීමේ ශාලා වලින් මනාප ගණන් කිරීමෙන් අනතුරුව එහි ප්රතිඵලය තේරීම් භාර නිළධාරීන්ට දැනුම් දීමට උපදෙස් ලබා දී ඇති බවත්, ඉන් අනතුරුව මැතිවරණ කොට්ඨාස වල සියලුම මනාප ගණන් කිරීමේ ශාලා වලින් මනාප තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇති මනාප සංඛ්යාව ගණනය කර මැතිවරණ කොමිෂම් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්රික් තේරීම් භාර නිළිධාරීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව, මැතිවරණ කොමිෂම් සභාවට ලැබෙන ප්රතිඵලය මාධ්යට නිකුත් කරන බවත්, පසුව මැතිවරණ කොට්ඨාස 22ම තරඟයේ සිටින අපේක්ෂකයන් දෙදෙනාගේ වාසියට ලබා දී ඇති මනාප එකතු කරනු ලැබේ. ඉන් අනතුරුව මුල් වටයේදී, තරඟයේ සිටින අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් ඡන්ද සංඛ්යාවට මැතිවරණ කොට්ඨාස මට්ටමින් ලබාගත් මනාප සංඛ්යාව එකතු කරීමෙන් අනතුරුව වැඩිම ඡන්ද සංඛ්යාවක් ලබා ගත් අපේක්ෂකයා ජනාධිපති වරයා ලෙස තෝරා පත් කර ගන්නා බවට මැතිවරණ කොමිෂම් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී. ජනාධිපතිවරණයේ දී දෙවන සහ තෙවන මනාප ගණනය කිරීම සිදුවන්නේ කෙසේ ද ? මේ අනුව පළමු වටයේ ගණනයේ දී අනුර කුමාර දිසානායක මහතා , සජිත් ප්රේමදාස මහතාට වඩා 10% ක (මිලියන 1.27ක ඡන්ද ප්රමාණයක්) ලබා සිටින බැවින් බොහෝ දුරට දෙවන ගණනය කිරීමෙන් පසුව ද ජයග්රණය කිරීමේ වැඩි ඉඩකඩක් ඔහුට ඇති අතර , මැතිවරණ කොමිසම විසින් අවසන් ජයග්රාහකයා දැනුම් දීමෙන් පසුව මෙහි යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු. දෙවැනි මනාප ගණන්කිරීමට පෙර අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 5,634,915 හිමිව තිබූ අතර, ඊට දෙවැනි මනාප එක්කිරීමෙන් පසු ඔහු ලබාගත් ඡන්ද සංඛ්යාව සඳහන් වූයේ 5,740,179 ක් ලෙසයි. ඒ් අනුව මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වුණා. අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter | Instagram | Google News | TikTok Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයෙන් 50.30% ක ප්රතිශතයක් ලබමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්රහණය කළ බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහන් අසත්ය බවත්, පළමු වටයේ කිසිදු අපේක්ෂකයෙකු 50% ලබා ගෙන නොතිබුණි.
schema:reviewRating
schema:author
schema:datePublished
schema:inLanguage
  • English
schema:itemReviewed
Faceted Search & Find service v1.16.115 as of Oct 09 2023


Alternative Linked Data Documents: ODE     Content Formats:   [cxml] [csv]     RDF   [text] [turtle] [ld+json] [rdf+json] [rdf+xml]     ODATA   [atom+xml] [odata+json]     Microdata   [microdata+json] [html]    About   
This material is Open Knowledge   W3C Semantic Web Technology [RDF Data] Valid XHTML + RDFa
OpenLink Virtuoso version 07.20.3238 as of Jul 16 2024, on Linux (x86_64-pc-linux-musl), Single-Server Edition (126 GB total memory, 2 GB memory in use)
Data on this page belongs to its respective rights holders.
Virtuoso Faceted Browser Copyright © 2009-2025 OpenLink Software